මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් 2022 වසර ඉලක්ක කොට ගෙන Life Talk නමින් සංවාදාත්මක හා බුද්දීමය මන්ඩපයක් අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කරමින් සිටී.
ඒ අනුව උක්ත වැඩසටහන සතියේ සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා zoom තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර එය දෙපාර්තමේන්තු You Tube චැනලය හරහා සජිවීව විකාශනය කිරීමට සැලසුම් කර ඇත.
මෙකි සංවාද මණ්ඩපය විවිධ විෂය පථයන් ඔස්සේ අප රටේ විවිධ ජන කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂීතය.
- ශ්‍රී ලාංකික තරුණයින් සදහා සෑම සිකුරාදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
- ව්‍යවසායකයන් සදහා සෑම ඉරිදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
- රජයේ නිලධාරීන් සදහා සෑම සෙනසුරාදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
- දෙමාපියන් සදහා සෑම බදාදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
- පෙර පාසල් ගුරුවරුන් සදහා සෑම සදුදා දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
- ගුරුවරුන් සදහා සෑම බ්‍රහස්පතින්දා සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා
- ගැබිණී මව්වරුන් හා අළුතින් විවාහ පත්වූවන් සදහා සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 7.00 දක්වා