නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යංශයේ රාජකාරී බාරගැනීමෙන් අනතුරුව පළමු වරට ගුරු වෘත්තීය සමිති කිහිපයක හමුව අද (2021.08.26 ) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ හමුව එහි සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද සහභාගිවිය
ඉන් අනතුරුව ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ලංකා ප්රගතිශීලි ගුරු සංගමය, ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය, ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධානීන් හමුවිය. මෙම අවස්තාවට අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාද සහභාගී විය