පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු,
කලාප අධ්‍යාපන අධ්යක්ෂවරු සහ විදුහල්පතිවරු,පරිවේණාචාර්යවරු,සියලු ගුරුවරු ,ගුරුවරියන් මගින්
දැයේ දරුවන් වෙත ආදරයෙන්,
දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය
චින්තාගාරය වැඩසටහන දරුවන් වෙත ගෙනයාම සදහා ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි. මෙම දිනවල වඩාත් කතා බහට ලක් වෙන ළමා අපචාර සහ අපයෝජනයන් පිළිබදව දරුවන් සහ මව්පියන් දැනුවත් කළ යුතු යැයි අපි විශ්වාස කරමු. එම නිසාවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමග එක්ව මෙම විශේෂ වැඩසටහන සකසන ලදී. මේ සදහා සම්පත් දායකයින් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සැලසුම් සහ තොරතුරු අධ්යක්ෂ සමාජ විද්‍යාඥ, නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය, අධ්යක්ෂ නීතිය බලාත්මක කිරීම්, නීතිඥ සජීවනී අබේකොන් මහත්මිය සහ
සායනික මනෝවිද්‍යාඥ ලක්මාල් පොන්නම්පෙරුම මහතා සහභාගීවෙයි.දරුවන්ගේ දැනගැනීමට මෙය ඉතා ප්‍රයෝජනවත් වැඩසටහනක් බැවින් හැකිතාක් මෙම සබැඳිය දරුවන් අතරට යැවීමට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 2021.08.08 වන ඉරිදා උදේ 8.30ට මෙම වැඩසටහන “චින්තාගාරය”යූටියුබ් නාළිකාව මගින් සජීවීව විකාශනය කෙරේ.
සබැඳිය මෙතනින් …..