දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඔබගේ ජීවිතය යහපත් වනු දැකීම උදෙසා ඔබ වෙනුවෙන් සැලසුම් කළ චින්තාගාරය වැඩසටහනේ සිව්වැනි සබැඳිය (link) මෙලෙස ඔබ වෙතට ලබා දෙමි. දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන නිර්මාණය කර ඇති මෙම වැඩසටහනට අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්යක්ෂ ජානකි හිල් මහත්මිය සහ මහාචාර්ය ලයනල් බෙන්තරගේ මහතා සම්පත්දායකයින් ලෙස සම්බන්ධ වේ. දරුවන්ට බෙහෙවින් වැදගත්වන මෙම වැඩසටහනේ සබැඳිය පහතින් දක්වා ඇත. මේ ඉරිදා (2021. 07. 18) උදෑසන 8.30ට එම සබැඳිය යූ ට්යුබ් නාලිකාවේ විවෘත වන අතර එය නැරඹීමට සියලුම දරුවන්ට ආරාධනා.
Friday, 16 July 2021
/
Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්