දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළ පොත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා තීරණය කර ඇති බව අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/06/08 වන දින කොළඹ දී මාධ්‍ය අමතමිනි. එම දරුවන් තම පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දුන් පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාස සහ කලාප අධ්යක්ෂවරුන් මඟින් අධ්‍යාපන අමාත්‍යංශට දැනුම් දෙනුඇති බව ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය, පවතින කොවිඩ් වසංගතය තත්වය නිසා 2021 ජුනි මස 30 වන දින සිට මසක කාලයක් සඳහා දීර්ඝ කළ බව ද පැවසීය.