ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා සේවා ප්‍රවර්ධන අධ්යක්ෂ වශයෙන් සේවය කරන පබිලිස් සිල්වා මහතා වසර 65කට වැඩි කාළයක් සේවය හා එතුමාගේ ඒ කැපවීම සමස්ත රටට ම ආදර්ශයක් වන බවත් එමෙන්ම ඒ මහතා මේ දක්වා සූපවේදය හා අදාලව ග්රන්ථ 20ක් පමණ රචනා කර ඇති බවත්. ඒ මහතා විසින් රචිත කෘති 03ක් එළි දක්වන අවස්ථාවට සහභාගී වීමට ලැබීම සතුටක් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවති ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් රචනා කරන ලද සූපවේදී කලාව, අතුරු ආහාර සහ ජාතීන්ගේ ආහාර නමින් ග්රන්ථ තුනක් දොරට වැඩීමේ උත්සවයට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපි දන්නවා අපේ රට සංචාරකයන්ට හොඳ පාරාදීසයක්. පසුගිය දිනවල පවා හෝටල් කාමර පිරිලා තිබුණා. අපිට පුළුවන් අපේ රටේ දේශීය දේ සංචාරකයන්ට ලබා දෙන්නට. මට මතකයි ජර්මනියේ චාන්සලර් හෙල්මට් පෝල් මහතා ලංකාවට නිතර ම ආවා ආයුර්වේද, යුනානි, සිද්ධ වගේ ප්‍රතිකර්ම ලබා ගැනීමට. එතුමා ජර්මනියේ බර්ලින් නුවර සිද්ධාලේප බෙහෙත් ශාලාවක් ඔහුගේ අතින් ම විවෘත කළා. ඒවගේ සුවිශේෂී ඉල්ලුමක් අපේ රටේ දේශීය දේවල්වලට සංචාරකයන්ගෙන් තිබෙනවා. අපි දන්නවා ලෝකයේ ම ථෙරවාදය තිබෙන්නේ ලංකාව සහ තායිලන්තයේ. ඒ මානසික සුවය සහ මාර්ගෝපදේශ ලබා ගන්නට ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි. අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි. අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වැඩි කරගන්නට අපිට ඉතා ම පහසු යි. මේ වසංගතය අවසානයත් සමඟ අපේ රටේ දේවල්වලින් ප්‍රයෝජන ගන්නට අපිට හැකියාව ලැබෙයි. අපේ රජය මේ සියල්ල නිසි පරිදි සැලසුම් කරලා තිබෙන්නේ යනුවෙන් ද පැවසී ය.
ලොව විවිධ විද්වතුන් අපේ රටවලට එන්න කැමතියි.
අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දිය යුතු යි.