අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
අපේ රජය තීරණය කරලා තිබෙනවා එළඹෙන සිකුරාදා එනම් 2021/04/30 දක්වා දිවයිනේ සියලු ම පාසල්, පෙරපාසල් සහ පිරිවෙන් නොපැවැත්වීමට. මෙම සති අන්තයේ අපි සෞඛ්‍ය අංශ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරු සමඟ සාකච්ඡා කරලා එළඹෙන තුන්වන සඳුදා එනම් 2020/05/03 දිනයෙන් එළඹෙන සතියේ පන්ති නැවත පැවැත්වීම පිළිබඳ තීරණයක් ගැනීමට. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය . අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/04/27වන දින කොළඹ දී මාධ්‍ය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
අපි දෙමාපියන්ට දන්වන්නට කැමතියි අපි පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගන්නේ දරුවන්ගේ සෞඛ්‍යයට මූලික වැදගත්කම දෙමින්. නමුත් මම නැවත සිහිපත් කරනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කරන්න කියලා යනුවෙන්ද පැවසීය .