අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
“2021 අභියෝගාත්මක වසරක්. නමුත් වසර 30කට ආසන්න යුද්ධයක් අවසන් කරපු අපේ රජයට මේ අභියෝග ජය ගන්නට පුළුවන්. රටේ ජනතාවගෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වගේ ම ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ රටෙන් අධ්‍යාපනයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධ ව අදහස් විමසීමෙන් අනතුරුව සම්පූර්ණ වෙනසක් සිදු කරන වසර බවට මේ වසර පත් වේවි” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය .
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා, “මේ වසර සඳහා අලුතෙන් සිසුන් 10, 000කට වැඩි ප්‍රමාණයක් බඳවා ගන්නට අපි කටයුතු කරනවා. සියලු ම අංශ සඳහා, වෛද්‍ය ක්ෂේත්රය ඇතුළත් ව උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කෙරෙනවා. පෞද්ගලික අංශයේ ඉල්ලීම තමයි උපාධිය ලබාගන්නා උපාධිධරයා මෘදු කුසලතා සහිත විය යුතුයි යන්න . අපි ඒ අවශ්‍යතා සපුරා ගන්නට හැකි අධ්‍යාපන ක්‍රමයක් නව වසරේ දී රට වෙනුවෙන් ලබා දෙනවා. රට පුරා අලුතින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කරනවා කියන්නෙ රටේ උසස් අධ්‍යාපනයේ අපි තබන විශාල ඉදිරි පිම්මක්. මේක රට ලබන විශාල ජයග්‍රහණයක්. දැනට උසස් අධ්‍යාපනය ලබන්නේ රටේ සිසුන් 69 ලක්ෂයකින් සියයට 19ක ප්‍රමාණයක්. ඒක සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමන්නට ඒ අනුව අපිට අලුත් අවුරුද්දේ පුළුවන්. යැයි ද පැවසීය.
විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 3624.96ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මත්තෙගොඩ කැකුණගහවත්ත ප්‍රදේශයේ මෙම ඉංජිනේරුපීඨය ඉදිකෙරේ.මේ අවස්ථාවට අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාරණ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.