සුභග සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව 2020.12.15 දින නිකුත් කළ 34/2020 චක්‍රලේඛය ප්‍රකාරව 2020 වර්ෂයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් (අධ්‍යයන වර්ෂ 2020) සඳහා පාසල් මට්ටමින්, කලාප මට්ටමින් සහ පළාත් මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දින පහත පරිදි වේ.
01. පාසල් මට්ටම (චක්‍රලේඛයෙහි අනු අංක 5.1)
- සුදුසුකම් සහිත සිසු සිසුවියන් අදාළ පාසලේ විදුහල්පති වෙත 2021.01.12 දිනට පෙර අයදුම්පත් බාර දිය යුතු ය.
- විදුහල්පති විසින් අදාළ අයදුම්පත් 2021.01.26 දිනට පෙර කලාප අධ්‍යාපන අධ්යක්ෂ වෙත යොමු කළ යුතු ය.
02. කලාප මට්ටම (චක්‍රලේඛයෙහි අනු අංක 5.2)
- කලාප අධ්‍යාපන අධ්යක්ෂ විසින් අදාළ අයදුම්පත් 2021.02.09 දිනට පෙර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ වෙත යොමු කළ යුතු ය.
03. පළාත් මට්ටම (චක්‍රලේඛයෙහි අනු අංක 5.3)
- පළාත් අධ්‍යාපන අධ්යක්ෂ විසින් අදාළ අයදුම්පත් 2021.02.23 දිනට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු ශාඛාවේ අධ්‍යාපන අධ්යක්ෂ වෙත යොමු කළ යුතු ය.