“ගුරුගෙදර සිංහල හා දෙමළ” වැඩසටහන් කාලසටහන මෙතනින් භාගත කර ගන්න.
2020 මාර්තු මස සිට ඇති වූ COVID 19 වසංගත තත්ත්වය සමග අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් වසා දැමීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් අ.පො.ස. (උ. පෙළ) සහ අ.පො.ස. (සා. පෙළ) විභාගයන්ට සූදානම් වූ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලු මතු විය. මේ සඳහා ඵලදායී හා කාලෝචිත විසඳුමක් ලෙස අධ්‍යාපනික රූපවාහිනී නාලිකාවක් පවත්වා ගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලදී. 2020 අප්‍රේල් මස 01 දිනැති අංක 20/විවිධ (020) දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන දායකත්වය සහිතව, ජාතික අධ්‍යාපන ආයතනය සමඟ “ගුරුගෙදර” අධ්‍යාපන වැඩසටහන ආරම්භ කරන ලදී.
තෙවන පාසල් වාරය ආරම්භ කිරීම කල්ගත වූ බැවින් සිසු දරුවන්ට අධ්‍යාපන අවස්ථාවන් අහිමිවීම අවම කිරීම සඳහා 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විෂයන් සඳහා සිංහල සහ දෙමළ මාධ්‍යයන්ගෙන් 2020 වර්ෂයේ තුන්වන පාසල් වාරයට අදාළ වීඩියෝ අන්තර්ගතයන් සකස් කර, ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ “චැනල් අයි” සහ “නේත්‍රා” නාලිකාවන් ඒකාබද්ධව 2020 නොවැම්බර් 16 සිට විකාශය කිරීමට දැනටමත් ආරම්භ කර ඇත. එම කාලසටහන සතිපතා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය මගින් දැනුම්වත් කරනු ඇත.
ඒ අනුව,
- ප්‍රථමික අංශයේ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා මව්බස, ගණිතය සහ පරිසරය යන විෂයයන් ද
- 6 සිට 11 ශ්‍රේණි සඳහා ගණිතය, විද්‍යාව, මව්බස (සිංහල/ දෙමළ), ඉතිහාසය, ඉංග්‍රීසි, ආගම සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද
- 12 සිට 13 ශ්‍රේණි සඳහා සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය, භූගෝල විද්‍යාව, සිංහල, දෙමළ, දේශපාලන විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය, විද්‍යාව සඳහා තාක්ෂණවේදය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද
ඔබට ගුරු ගෙදර වැඩසටහන් විකාශනයෙන් පසුව නැරබීමට ලබා ගත හැකි වෙනත් මාධ්‍ය
- ජාතික අධ්‍යාපන ආයතනේ chanell NIE youtube නාලිකාව
- e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය
- නැණස අධ්‍යාපන නාලිකාවන්