අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමන් සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.
අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගේ මගපෙන්වීම යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාවට නංවනු ලබන ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතෝලික පල්ලි ඇතුළු සමස්ත ප්‍රජාවගේ සහයෝගය ලබාදෙන බවත්, අධ්‍යාපන ක්ෂේත්රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබාදීමට සූදානම් බවත් මෙහි දී අගරදගුරු හිමියන් සඳහන් කළේය.
ආගමික සංස්ථාව හා අධ්‍යාපන පද්ධතිය අතර අවියෝජනීය සහසම්බන්ධයක් පවත්වාගැනීමේ වැදගත්කම ද මෙහි දී අගරදගුරු හිමියන් විසින් අවධාරණය කරන ලදී.