
පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටුවා තිබුණු අතර, පසුගිය දා පැවති 184 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්බන්ධ ව වූ ගුරු යෝජනා අනුමත කර තිබූ නමුත් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත එම පත්වීම් ලබාදීමට නොහැකි ව තිබුණි.
කෙසේ වෙතත්, මෙරට පිරිවෙන් අධ්‍යාපනය නඟාසිටුවීම පිණිස පිරිවෙන් ගුරු පුරප්පාඩු පිරවීම කාලීන අවශ්‍යතාවක් වන බව හඳුනාගනිමින්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරියේ දී ඉතා කඩිනමින් මෙම ගුරු යෝජනාවට අදාළ පත්වීම් ලබාදීමට අනුමැතිය ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් දෙන ලදී.