අයදුම්කරුවන් විසින් මේ සමඟ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසිවල පිළියෙළ කරන ලද අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර, ලියාපදිංචි තැපෑලෙන් පමණක් “සහකාර ලේකම්, අධ්‍යාපනසේවා ආයතන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට 2020.12.04 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ එවිය යුතුය.
අයදුම්පත් ලියාපදිංචි තැපැලට යොමු කරන අතර පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයටද යොමු කළ යුතුය. විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන අයදුම්පත් සඳහා කලාප/පළාත් නිර්දේශය සම්මුඛ පරීක්ෂණ දිනයට ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් කැදවීමේ අවසන් දිනට පෙර (2020-12-04) ලැබෙන ලියාපදිංචි තැපැල/ විද්‍යුත් තැපැලට යොමු කරන ලද අයදුම්පත් සඳහා පමණක් සම්මුඛ පරීක්ෂණ කැදවීම සිදු කරනු ලැබේ. විද්‍යුත් තැපැල අයදුම්පත පහත ලිපිනයට ලද බව අධ්‍යාපන සේවා ආයතන ශාඛාවෙන් විද්‍යුත් තැපැල මඟින්ම අයදුම්කරු විසින් තහවුරු කර ගත යුතුය.
විද්‍යුත් තැපැල් ලිපිනයන් – eseas.moe@gmail.com sasese.moe@gmail.com
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණිය (SLEAS 1)
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/ III ශ්‍රේණිය (SLEAS 11/111)