15December2019
16 වැනි අන්තර්ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය 2019 නොවැම්බර් 26 වැනි දා සිට දෙසැම්බර් 01 තෙක් වියට්නාමයේ හැනොයි නුවර දී පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ගණිත හා විද්‍යා අංශයෙන් සිසුන් 12 දෙනෙක් සහ නිලධාරීන් තිදෙනෙක් (කණ්ඩායම් නායක, විද්‍යා-ගණිත නිබන්ධකවරුන් දෙදෙනෙක්) ඇතුළුව 15ක කණ්ඩායමක් ඊයේ (12) අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමු වූ අතර, අමාත්‍යවරයා එම විශිෂ්ට ඔලිම්පියාඩ් ශූරයින්ට සිය සුබපැතුම් පිරිනමනු ලැබීය. මෙවර පැවැත්වූ ඔලිම්පියාඩ් තරගාවලියෙන් විද්‍යා අංශයෙන් එක් රන් පදක්කමක්, රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 3ක් ද, ගණිත අංශයෙන් ලෝකඩ පදක්කම් 5ක් ද දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් ව සිටී. ඒ අනුව, කොළඹ ආනන්ද විද්‍යාලයේ අත්සර ප්‍රනාන්දු ශිෂ්‍යයා විසින් විද්‍යා අංශයට අදාළ එම රන් පදක්කම දිනාගෙන ඇත.
"ඉසුරුපාය", පැලවත්ත,
බත්තරමුල්ල, ශ්‍රී ලංකා.
දු.ක. : +94 112 785141-50
ඉ-තැපැල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.