MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය කිසිදු තීරණයක් ගෙන නැහැ..” ඇතැම් මාධ්‍ය ගෙනයන සාවද්‍ය ප්‍රකාශ බැහැර කරන්න.
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

“ජුනි 1 පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍ය කිසිදු තීරණයක් ගෙන නැහැ..” ඇතැම් මාධ්‍ය ගෙනයන සාවද්‍ය ප්‍රකාශ බැහැර කරන්න.

ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ  පාසල් විවෘත කරන බවට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි  විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, කිසිදු පළාත්  අධ්‍යාපන බලධාරියෙකුට  හෝ වෙනත් අධ්‍යන ආයතන ප්‍රධානියකුට එවැනි කිසිදු දැනුම් දීමක් කර නොමැත. Covid 19  වෛරසය රට තුළ ව්‍යාප්ත වන්නටත් පෙර, මෙරට පළමු ආසාදිතයා හඳුනා ගත් සැණින් රටේ සියලූ පාසල් දරුවන්ගේ ජීවිත අභියෝගයට ලක් නොකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් වැසීමේ තීන්දුව ක්‍රියාත්මක කළේය. රටේ දරුවන්ගේ ජීවිතවල වටිනාකම හඳුනා ගනිමින්, ඔහුගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම පෙරදැරිව එම තීරණය ක්‍රියාවට නැංවූ පරිද්දෙන්ම, පාසැල් නැවත විවෘත කිරීමේ තීරණය ද ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පලාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය. රටක් වශයෙන් පමණක් නොව, ලොවක් වශයෙන් සියළු ප්‍රජාව ඉතා තීරණාත්මක සහ අභියෝගාත්මක ගැටලුවකට මුහුණ දෙමින් සිටින මෙවන් මොහොතක, අවිචාරවත්ව සහ අගතිගාමී අයුරින් පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් මාධ්‍ය භාවිතයෙහි යෙදෙන ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බලවත් අප්‍රසාදය සහ විරෝධය මේ අවස්ථාවේ පළ කර සිටී.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 526
  • 528
  • 582
  • 583
  • 643
  • Uncategorized @si
  • තරඟ
  • නැණ පියස
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව, සෞන්දර්ය විෂයයන් (විත්‍ර, සංගීත, නර්තනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීම – 2021

    අදාල උපදෙස් සහිත නිවේදනය හා අයදුම්පත පහළින් භාග...
  • දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

    “අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍...
  • ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය

    ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතන...
  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම.

    2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල...
  • මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

    ‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය...

Archives

  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP