logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ‘ආර්ථික වශයෙන් කොතරම් අසීරු තත්ත්වයක සිටියත්, දෙමවුපියන්ට බරක් නොවී දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය ලබා දෙනවා…’ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
සිකුරාදා, 15 මැයි 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

‘ආර්ථික වශයෙන් කොතරම් අසීරු තත්ත්වයක සිටියත්, දෙමවුපියන්ට බරක් නොවී දරුවන් පාසලට කැඳවීමට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් රජය ලබා දෙනවා…’ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඉදිරියේදී පාසල් විවෘත කිරීම, පවත්වාගෙන යාම සහ ඊට අවශ්‍ය පසුබිම පාසල් පරිශ්‍රය තුළ සකස් කිරීමට අදාළව ගත යුතු පියවර සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පලාත් ආවරණය කරමින් පැවැත්වෙන වැඩසටහන් මාලාවේ, බස්නාහිර පළාතේ සියළු කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන්, අද (14) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

රටේ ජනාධිපතිවරයා හුදෙක් දේශපාලනඥයෙක් නොවී, දක්ෂ පරිපාලකයෙක් සහ නූතන තාක්ෂණය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කරන්නෙකු වීම නිසා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ද නූතන තාක්ෂණයේ ඉදිරි භාවිතාවන් වෙනුවෙන් වැඩි අවධානය යොමු කරන්නට ඉඩප්‍රස්තාව සැලසී ඇති බවද, කොරෝනා වෛරස ව්‍යාප්තය හේතුවෙන් මතුව ඇති අභියෝගය හමුවේ වඩාත් ඉක්මණින් එම තාක්ෂණික භාවිතාවන් අධ්‍යාපන පද්ධතියට යොදාගැනීමට හැකිව ඇති බව ද, මේ වන විටත් ඇතැම් පාසල් පමණක් නොව පිරිවෙන් තුළ පවා තාක්ෂණික පහසුකම් භාවිතයෙන් virtual schools පවත්වාගෙන යාමට ආයතනික මට්ටමින් පියවර ගෙන තිබීම සතුටට කරුණක් බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. ලොව බොහෝ දියුණු රටවල් පාසල් තුළ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා මේ වන විටත් තාක්ෂණය උපරිමයෙන් යොදා ගන්නා බවත්, ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් ද එම පහසුකම් ලබාදීමට පෞද්ගලික අංශයේ ප්‍රබල ව්‍යාපාරිකයන් පවා දායකත්වය ලබාදෙමින් සිටින බවද දරුවන් වෙනුවෙන් වඩාත් යහපත් තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් සෑම මොහොතකම ප්‍රමුඛතාව ලබා දෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, තවමත් මෙරට පරිගණක පහසුකම් ඇති ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය මුළු ජනගහනයෙන් 23% ක් බවත්, රූපවාහිනී පහසුකම් පවතින්නේ 81% කට පමණක් බවත්, ගුවන්විදුලියක් පවා නොමැති පිරිස් ද තවමත් අප රටේ සිටින බවත් අප විසින් හඳුනා ගත යුතු වන බවත්, ඒ සියලු පවුල්වල සිටින්නේ ද අපේ රටේම දරුවන් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන ලෙස දේශපාලන වේදිකාවල බොහෝ දෙනෙක් හඬ නගන නමුත්, ගැටලුව පවතින්නේ වෙන් කරගන්නා ප්‍රතිශතයෙහි නොව, බිම් මට්ටම දක්වා ප්‍රායෝගික ව දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් එම වෙන්කරගැනීම් ආයෝජනය වන්නේ ද යන්න බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රට තුළ මතුව ඇති තත්ත්වය වේලාසනින් ම අවබෝධ කරගනිමින් පාසල් වැසීමේ තීන්දුව ගත් පරිදෙන් ම, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලූ ක්‍රියාමාර්ග ගෙන, ඒ පිළිබඳ නිවැරදි තහවුරුවක් ලබා ගැනීමකින් පසුව පමණක් පාසල් ආරම්භ කිරීමේ තීරණය ද ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාසල් නැවත ආරම්භ කිරීමෙන් පසු සිසුන් වෙනුවෙන් අවම වශයෙන් මුඛ ආවරණ දෙකක් හෝ ලබා දීමටත්, උෂ්ණත්ව මාපක උපකරණ පාසල් වෙත ලබා දීමටත්, අත් සෝදන ජල බේසම් සහ ජල සැපයුම් පද්ධති ලබාදීමටත් විශාල පිරිවැයක් වැයවන බවද, එහෙත් මේ අවස්ථාවේ දෙමාපියන් වෙත බරක් නොවී, රජය එම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද, ඒ සඳහා, පළාත්, කලාප සහ කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතව සිටින සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය අවශ්‍ය වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP