අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුරප්පාඩුව පවතින අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 09, 10, 11 හා 13 යන දිනයන්හී දී පෙ.ව. 9.00 සිට අධ්‍යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිත නිලධාරීන්ට අදාළව සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන දිනයන් හා වේලාවන් වෙන් කර ඇති ආකාරය දැක්වෙන ලේඛනය හා සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමේදී රැගෙන ආ යුතු ලිපි ලේඛන පිළිබඳව සඳහන් කරමින් අදාළ නිලධාරීන් වෙත යොමු කල කැඳවීමේ ලිපියේ ආකෘතිය පහතින් බාගත කරන්න.
-
ශ්රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම 2019(2020) සීමිත පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට සීමිත පදනමින් බඳවා ගැනීමේ පත්විම් ලිපි ප්‍රදානය සඳහා වන නිවේදනයDownloadශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට සීමිත පදනමින් බඳවා ගැනීම සඳහා දෙවනවටයට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාමලේඛනයDownload -
2024- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට 2 වන වටයේ අභියාචනා මත පාසල් ලබා දීම.
2024- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට 2 වන වටයේ අභියාචනා යොමු කරන ලද සිසුන් සදහා ලැබී ඇති පාසල සදහා පහත සබැදිය වෙත පිවිසෙන්න.
-
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවේ.
සියලු දෙනා අවබෝධයෙන් ලබා දෙන අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක්– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ අද (02)පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය,
පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු වසරට ඇතුළත් වන දරුවෙක් පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ අනාගතය ගැන විශ්වාසයකින් හෝ සතුටකින් නෙමෙයි. දරුවන්ට මිත්‍රශීලි පාසල් පරිසරයක්, ඉගැන්වීම් ක්‍රමයක් ඇති කළ යුතුයි. පාසල තුළින් වෙද්‍යවරු, ඉංජිනේරුවරු වගේම ව්‍යවසායකයින්, කලාකරුවන්, වෘත්තීය නිපුණතාවය සහිත සියලු වෘත්තීකයන් පාසල තුළින් බිහි විය යුතුයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී එක පළාතක්, දිස්ත්‍රික්කයක් හෝ කළාපයක් පමණක් නොවෙයි, සෑම පාළාතක්ම, දිස්ත්‍රික්කයක්ම, කලාපයක්ම වැදගත්. සමානාත්මතාවය ආරම්භ වන්නේ එතනින්. අපේ රටේ සියලුම දරුවන්ට සමාන අවස්ථාව ලබා දීමට අපට අවශ්‍ය නම්, සියලු සම්පත් එක් කලාපයකට, එක් දිස්ත්‍රික්කයකට යෙදවිය නොහැකියි. එය සාධාරණ ලෙස බෙදා හැරිය යුතුයි.
එහිදී දුෂ්කර සහ ඌණ සම්පත් සහිත ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ගුරු පුරප්පාඩුවලට විසදුම් ලබා දෙනවා වගේම සියලුම පාසල්වලට ඩිජිටල් පහසුකම්, ඉගෙනීමට පහසුකම් සහිත පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම්, ජලය, ක්‍රීඩා පිටි, විද්‍යාගාර, නවෝත්පාදන අවකාශයන්, සෞන්දර්යය ඒකක ඇතුලු මේ සියල්ල පාසල්වල සංවර්ධනය කළ යුතුයි.
ඒ සදහා අපට හොඳ සැලැස්මක් තිබෙනවා. ඒ වගේම තක්සේරු කිරීම සහ ඇගයීමත් අතිශයින්ම වැදගත්. අපට අවශ්‍යයි වඩාත් ළමා හිතකාමී ඉගෙනුම් ක්‍රමයක්, ඉගැන්වීමේ ඉගෙනුම් පරිසරයක්. දරුවන්ට ලබා දෙමින් සමාජයට වගකියන පුරවැසියෙක් පාසලෙන් බිහි කරන්න.
ඒ වෙනුවෙන් අපි මේ මහජන විවාදය, මේ සාකච්ඡාව සිදු කරමින් යන්නේ. මොකද මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ හරිනි අමරසූරියගේ හෝ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිසංස්කරණයක් නෙවෙයි. මේක ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක්. අපි හැමෝටම ඒගැන අදහසක් තිබෙන්න ඕනේ. අපි හැමෝටම ඒකට සම්බන්ධ වෙන්න ඕන.
මේ සාකච්ඡාව දිගටම අවශ්‍යයි, මොකද අපි මේ ප්‍රතිසංස්කරණය අදියරෙන් අදියර ඉදිරියට සිදු කරනවා. සියල්ල සූදානම් කරගෙන මේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න හිටියොත් අපට තවත් අවුරුදු 10ක් වත් බලා ඉන්න වෙනවා. ඒ නිසා 2026 දී 1 වසරට සහ 6 වසරට මේ ප්‍රතිසංස්කරණය ආරම්භ කරනවා.
අපි නිරන්තරයෙන් ඔබේ ප්‍රතිපෝෂණය, ඔබේ අදහස් යෝජනා ඇහුම්කන් දෙමින්, නම්‍යශීලි වෙමින් සාධනීය ව සිදුකළ හැකි වෙනස් කම් සිදු කරමින් යනවා. හැබැයි අපිට මේ වෙනුවෙන් දැක්මක් තිබෙනවා.
අපේ රටේ සියලුම දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට සියලු දෙනා එකඟයි. ඒ නිසා ඔබ ප්‍රතිසංස්කරණයේ එක කුළුණක් ගැන පමණක් සිතන්න එපා. මේක සමස්ත අධ්‍යාපන ව්‍යුහය වෙනුවෙන් වූ සම්පූර්ණ පැකේජයක්.
රේඛීය අමාත්‍යාංශයේ පාසල් , පළාත් පාසල් ලෙස බෙදිලා මේක කරන්න බැහැ. රටේ සියලු දරුවන් අපේ දරුවන්. ඉතින්, අපට වෙන් වෙලා වැඩ කරන්න බැහැ. අපි එකට වැඩ කළ යුතුයි. ඉදිරි වසර පහ තුළ අපට එකිනෙකා සමඟ ඉතා සමීප අන්තර් ක්‍රියාකාරිත්වයක් ඇතිව වැඩ කළ යුතු වෙනවා. දරුවන් වෙනුවෙන් අපි එකට වැඩ කරමු.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන සංවාදයක් ඇති කරන්න. අපි මේ වනවිට ගුරු සංගම් සමඟ වෘත්තීයවේදීන් සමඟ විශ්වවිදයාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කළා. ඉදිරියටත් සිදු කරනවා.
දෙමාපියන් ඇතුලු සමාජයේ සියළු අංශ මේ සමඟ සම්බන්ධ විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාහලිංගම් වේදනායගම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
-
අධ්යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලයම රාජ්‍ය සේවා ප්‍රතිඥාවන්ට කැපවීමෙන් නව වසරේ ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ වැඩසටහනට එක්වෙති.
අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්රධානත්වයෙන් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ කාර්ය මණ්ඩලය 2025 නව වර්ෂාරම්භය සනිටුහන් කර අද උදෑසන ‘ඉසුරුපාය’ පරිශ්රයේ දී රාජ්ය සේවා ප්රතිඥාව ලබා දීම සිදු කළහ.
මේ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්රියාත්මක ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහන සමගින් ද අමාත්යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ. තිරසර අනාගතයක් සඳහා විසඳුම් වශයෙන් මෙරට පාලන, සමාජ, පාරිසරික හා ආර්ථික ක්ෂේත්රයන්හි තිරසරභාවය ඇති කිරීම උදෙසා ප්රධාන අරමුණු හතරක් කෙරෙහි මෙහි දී කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කෙරිණ.
තවදුරටත් ඉවසා දරාගෙන සිටීමකින් තොර ව දූෂණයට එරෙහි වීම හා ඒ වෙනුවෙන් ඇති මහජන වගවීම හා දක්වන විශිෂ්ට ත්යාගශීලී ගුණය, එසේ ම පාරිසරික වගවීම හා සමාජ විඥානය පිළිබඳ මානසිකත්වයක් ඇති කරගැනීම, ස්වාභාවික සම්පත් භාවිතය ප්රශස්ත කිරීම මගින් පිරිසිදු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ රාජ්ය හා පෞද්ගලික අන්තර් සම්බන්ධීකරණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්රව්ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් හා විධිමත් කිරීම යන ප්රධාන අරමුණු පිළිබඳ මෙහි දී පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදු විය.