• ප්‍රාථමික ශිල්පීය නොවන සේවක ගණයේ (PL-1) සහ ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයේ (PL-2) කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2024(I)

    ආවරණ ලිපියDownload
    විෂය නිර්දේශයDownload
    ආදර්ශ අයදුම් පත්‍රයDownload

    Upendra Lakmali

    2025-07-03
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල් වලට 2 වන වටයේ අභියාචනා අයඳුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම.

    අභියාචනා කිරීම සඳහා උපදෙස්Download
    පාසල් ලේඛනයDownload

    Upendra Lakmali

    2025-07-03
    අධ්‍යාපන, පාසල් කටයුතු, පාසල් කටයුතු ශාඛාව
    විශේෂ නිවේදන
  • නවක වදය මෙන්ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසනයන් පිළිබඳ සොයා බලන්න…

    නවක වදය මෙන්ම විශ්වවිද්‍යාලවල සිදුවන සියලු හිංසනයන් පිළිබඳ සොයා බලන්න…

    අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

    විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු සම්පාදනය කරන ලෙස අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අමාත්‍යවරිය අතර අද (02) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවේදී ඇය මේ බව සඳහන් කළාය.

    විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීමට සහ ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට වසර 3ක් සඳහා පත් කර ඇති මෙම කාර්ය සාධක බලකායට අවශ්‍ය බලය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බව මෙහිදී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දුන් අතර අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩ නැගී නොතිබීම, නවක වදය පිලිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප, අවනත කරගැනීම සහ ගෞරවය ලබා ගැනීම සඳහා හිංසනය භාවිත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී නියෝජිතයින් විසින් පැහැලිදි කරන ලදී. විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුනට ලකුණු ලබා දීමේදී සහ පන්ති සාමර්ථ ලබා දීමේදී පරිපාලනය සහ ආචාර්යවරුන් සිසුන් සඳහා සිදු කරන බලපෑම් නිසා සිසුන් ආතතියට පත්වීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

    සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව හා දිගුකාලිනව ගත යුතු බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙසත්, නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීතී යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී පැවසුවා ය.

    විවිධ ආකාරයේ හිංසනයන්ට ලක්වන සිසුන් කෙරෙහි අවධානය යොමුකිරීම මෙන් ම, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

    මාධ්‍ය ඒකකය

    Upendra Lakmali

    2025-07-02
    අධ්‍යාපන
    පුවත්
  • ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනිය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි.

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර හමුවක් ජූනි 24 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තානාපතිනිය පිළිගත් අතර ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණි.

    රටේ ශ්‍රම බලකායට සරිලන ලෙස වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කාර්මික අධ්‍යාපනය සඳහා කෙරෙන හුවමාරු වැඩසටහන් සහ විශ්ව විද්‍යාවල උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එමෙන් ම ශ්‍රි ලංකාවේ පාසල් පද්ධතිය තුළ කොරියානු භාෂාව හැදැරීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සහ කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-06-27
    අධ්‍යාපන
    පුවත්
  • වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීමට “ක්ලීන් ශ්‍රී ලංකා” සමග එක්ව ශ්‍රම මෙහෙයුමක්..!

    වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කර දීමට “ක්ලීන් ශ්‍රී ලංකා” සමග එක්ව ශ්‍රම මෙහෙයුමක්..!

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහාය ඇතිව, වෘත්තිය පුහුණු අමත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 311ම ආවරණය වන පරිදි ජුලි 04 වන දා පෙ.ව 8.00 මෙම වැඩසටහන ආරම්භ කෙරේ.

    වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

    වසරකට සිසුන් ලක්ෂ 03කට ආසන්න පිරිසක් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින අතර, එයින් 240,000කට පමණ විශ්වවිද්‍යාල වරම් අහිමි වේ. එම සිසුන් අතරින්, 125,000ක් පමණ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණ ආයතන වෙත ඇතුළත් වන අතර 50,000ක පමණ පිරිසක් වෙනත් අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන වෙත යොමු වේ.

    ඒ අනුව, වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමි වන 175,000ක් පමණ සිසුන් වෘත්තීය අධ්‍යාපනයට නැඹුරු කිරීම සහ ඔවුන්ට අධ්‍යාපනයට සුදුසු පසුබිමක් හා පහසුකම් සපයා දීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක් ව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.

    මෙම වැඩසටහන සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන සිසුන් 125,000 සමඟ, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල 10,000ක පමණ පිරිසක් සහ ප්‍රදේශවාසින්ද ඇතුළුව 160,000ක පමණ පිරිසක් එක්වීමට නියමිතය.

    මෙම සාකච්ඡාවට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර යන මහත්වරු ඇතුළු ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහුද, ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරිහුද, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද එක්ව සිටියහ.

    Upendra Lakmali

    2025-06-23
    අධ්‍යාපන
    පුවත්
  • නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    නව ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ සමීක්ෂණය කර නියාමනය කරන්න. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් දෙයි.

    ජාතික අධ්‍යාපන කොමිසමේ නව නිලධාරී මණ්ඩලය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ජාතික අධ්‍යාපන කොමිසමේදී පැවැත් විණි.

    නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම මෙහිදී සිදු වූ අතර අග්‍රාමාත්‍යවරිය විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කරගෙන යන කාර්ය භාරය මෙහිදී පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2026 සිට ආරම්භ කිරීමට සූදානම් බවත්, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන ඒකාබද්ධව නිසි ක්‍රමවේදයකට කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ජාතික අධ්‍යාපන කොමිසමේ කාර්යභාරය පිලිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එහිදී කොමිසමේ පවතින ගැටළු පිලිබඳවත්, ඉදිරියේදී කළයුතු වැඩසටහන් පිළිබඳවත් අමාත්‍යවරිය කරුණු පැහැදිළි කළාය.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී පාසල් පිලිබඳ සමීක්ෂණ සිදු කිරීමත්, නියාමනය කිරීමත් ජාතික අධ්‍යාපන කොමිසමට පැවරෙන බව ද පැවසූ අමාත්‍යවරිය අධ්‍යාපන ප්‍රතිපත්ති වඩාත් තීව්‍ර ව සිදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂම ඒකාබද්ධ ව කටයුතු කරන ලෙසද වැඩිදුරටත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු කොමිසමේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී විය.

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
    පුවත්
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු – 2025

    නිවේදනය – සිංහලDownload
    ස්ථාන මාරු ලේඛනය – සිංහලDownload
    Notice – TamilDownload
    Transfer List – TamilDownload

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය – 2025

    නිවේදනයDownload
    සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයන් හා වේලාවන් වෙන්කර ඇති ආකාරය දැක්වෙන ලේඛනයDownload
    කැඳවීමේ ලිපියේ ආකෘතිය – ඇමුණුම 02Download

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන
    විශේෂ නිවේදන
  • විද්‍යාව සහ විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවටත්, ලෝකය දිනවන්නත් යොදා ගන්න ඉගෙනගන්න… – විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්

    විද්‍යාව සහ විද්‍යාවේ දියුණුව මිනිසාගේ දියුණුවටත්, ලෝකය දිනවන්නත් යොදා ගන්න ඉගෙනගන්න… – විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්

    අධ්‍යාපන අමත්‍යංශය වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා ජාතික සම්මාන ප්‍රදානෝත්සවය අද දින (20) අධ්‍යාපන අමාත්‍යංශයේ දී විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    ජාතික ඔලිම්පියාඩ් තරගාවලිය, විද්‍යාව, ගණිතය, තොරතුරු විද්‍යාව හා සංඛ්‍යානය යන විෂයයන් කේන්ද්‍ර කරගනිමින් අංශ ගණනාවක් ඔස්සේ පැවැත්වේ. මෙම විෂයයන් සඳහා දක්ෂතා දක්වන සිසුන් හඳුනා ගැනීම, දිරිමත් කිරීම හා විෂයානුබද්ධ දැනුම්වත්භාවය ඉහළ නැංවීම මෙන්ම අන්තර්ජාතික විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ජාතික කණ්ඩායම තෝරා ගැනීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

    2024 වර්ෂයේ පැවති විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ පළාත් හා සමස්ත ලංකා තරගාවලිය ජයගත් සිසුන් 101 ක් සඳහා කුසලතා සහතිකපත් බෙදාදීම හා පදක්කම් සම්මාන ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

    එම උත්සව සභාව ඇමැතු, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා, ඔබ මෙතැනින් නොනැවතී ලෝකය දිනන ආකාරය සැලසුම් කරන්නැයී ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

    මෙම අවස්ථාවට විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, පළාත් හා ජාතික මට්ටමේ සම්මානලාභී සිසුන්, විද්‍යා ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

      

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන, අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන
    පුවත්
  • සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව

    සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව

    අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    නව යෞවනයේ සනීපාරක්ෂාව පිලිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව පැවසීය.

    මෙහිදී නව යොවුන්වියේ සනීපාරක්ෂාව පිලිබඳ විශේෂ දේශනය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අසාන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය විසින් සිදු කළාය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

    සනීපාරක්ෂාව අධ්‍යාපනයට සෘජුවම සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මොකක්ද අධ්‍යාපනය, සනීපාරක්ෂාව සමඟ තියෙන සම්බන්ධය කියලා.
    සනීපාරක්ෂාව සියලු දෙනාගේම අයිතියක් සියලුදෙනාටම අවශ්‍ය දෙයක් සහ දත්ත අනුව පෙන්නුම් කරනවා සනීපාරක්ෂක පහසුකම් හරියට පාසලක් තුළ නොතිබීම නිසා විශේෂයෙන් අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැණු දරුවන්ට මාසෙකට සැරයක්වත් අධ්‍යාපනය අතපසු වෙනවා. ඒ වගේම තමයි සමාජය තුළ ඔවුන්ට නිදහසේ අවශ්‍ය පරිදි ගැවසෙන්න තියෙන අයිතිය සීමා වෙනවා. ඒ සනීපාරක්ෂක පහසුකම් හරියට නැතිවීම හේතුවෙන්.

    ශිෂ්‍යාවන් වන ඔබ විතරක් නෙවෙයි අපි සියලු දෙනාත් මේ අත්දැකීම ඕන තරම් විඳලා තියෙනවා. පාසල තුළ විතරක් නෙවෙයි. පොදු පහසුකම් අවම වීම තුළින් කාන්තාවන් මේ අපහසුතාවට පොදු සමාජයේ දි මුහුණ දෙනවා.

    සනීපාරක්ෂාව කියන එක අතිශයින්ම වැදගත්. ඔබ අහන්න පුළුවන් පිරිමි අපිට මොකක්ද මෙතන දැනගන්න තියෙන දේ කියලා. මේක ගැහැණු ප්‍රශ්නයක් නේ ඒගොල්ලොම විසඳ ගත්තම ඉවරයි කියලා. නමුත් ඔබටත් සනීපාරක්ෂක ගැටළු තිබෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් ඒ පිලිබඳ සංවේදී වෙන්න පිරිමි පාර්ශවයට අවබෝධයක් සහකම්පනයක් තිබිය යුතුයි.

    සාර්ථක පුරවැසියෙක් කියන්නේ හොඳ රැකියාවක් කරන එකම නෙමෙයි. සමාජයේ කිසියම් කෙනෙක් අපහසුතාවයෙන් ඉන්නවා නම් ඒ පිළිබඳ සංවේදීවෙන්න පුලුවන් වෙන්න ඕන. කාන්තාවන්ගේ සංවේදී කාරණාවලදි සහකම්පනයක් ඇති වෙන්න ඕන. ඒ වගේම පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න අවබෝධයක් ඔබට තියනවා නම් තමයි ඔබ සාර්ථක.

    මෙතනින් ආරම්භ කරලා පාසල් මට්ටමින් සනීපාරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් අපි සිදු කරනවා. අධ්‍යාපනය කියන එක විශාල මාතෘකාවක්, මේ සමාජයට, මේ ප්‍රජාවට වැදගත් වන, නායකත්වය දෙන්න පුළුවන්, සමාජය තුළ සියලුම දෙනා සුවපත් කරන්න පුළුවන් ඊළඟ පරපුරක් බිහිකිරීමයි අධ්‍යාපනයෙන් සිදු වෙන්න ඕන. එකිනෙකා පිළිබඳ ගරුත්වය, එකිනෙකාට සළකන ආකාරය ඇතුළු සියල්ල අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.
    ඒ නිසා සනීපාරක්ෂාව කියන එක සෞඛ්‍යයට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සනීප ආරක්ෂාව කියන්නේ ඔසප් චක්‍රය පිළිබඳව කතා කරන එකම විතරක් නෙමෙයි. සනීපාරක්ෂාවට අවශ්‍ය පහසුකම් පාසල් තුළත්, පොදු සමාජයක් තුළත් තිබීම මූලික අයිතිවාසිකමක් ලෙස රජය සලකනවා. සනීපාරක්ෂාව හංගන්න ඕන දෙයක් නෙවෙයි.

    ඒ වෙනුවෙන් සමාජය මීට වඩා එකිනෙකාට ගරුත්වය තියෙන සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවය තියන, එකිනෙකාව ආරක්ෂා කරන, එකිනෙකාව රැකබලා ගන්න, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන සමාජයක් බවට පත් කළ යුතුයැයි අමාත්‍යවරිය පැවසුවා ය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ නිලධාරීන් පාසල් සිසුන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    මාධ්‍ය ඒකකය.

    Upendra Lakmali

    2025-06-20
    අධ්‍යාපන
    පුවත්
Previous Page
1 2 3 4 5 6
Next Page

අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල

+(94) 11- 278 5141 / 142 / 143 / 144

+(94) 11- 278 5162

info@moe.gov.lk

අඩවි සංචාලන
  • අමාත්‍යාංශය ගැන
  • පුහුණු අවස්ථාව
  • චක්‍රලේඛ
  • අධ්‍යාපන සේවා
  • ප්‍රතිපත්ති සහ ප්‍රකාශන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • නිතර අසන පැන
  • අඩවි සිතියම
මාධ්‍ය මධ්‍යස්ථානය
  • පුවත්
  • විශේෂ නිවේදන
  • මාධ්ය නිකුතුව
  • සිදුවීම්
  • ඡායාරූප ගැලරිය
  • වීඩියෝ ගැලරිය

ප්‍රකාශන හිමිකම © 2024 – අධ්‍යාපන අමාත්‍යාංශය | සියලුම හිමිකම් ඇවිරිණි

සැලසුම් කර සංවර්ධනය කරන ලද්දේ:
Webcomms Global (PVT) Ltd.

නියම සහ සේවා