නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු හැර නිදහස් අධ්‍යාපනයේ වරම් සියලු ගම් දනව් කරා පැතිර යාමේ මංපෙත් විවර කළේ කන්නංගර මැතිතුමායි.

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


එක්තරා යුගයක එක් පැලැන්තියකට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනයේ දොර කවුළු පියන් හැර දමා අධ්‍යාපනය සඳහා සම බිමක් නිර්මාණය කරමින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය, ගම් දනව් කරා පතුරුවා හැරීමේ මං පෙත් විවර කළේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විද්වතාණන් බව වැඩබලන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන් ම වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද දිනට (2025.10.13) යෙදෙන කන්නන්ගර මැතිතුමන්ගේ 141 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් ‘ඉසුරුපාය’ අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය ඉදිරිපිට ඇති කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙවගේ මහතා ප්‍රකාශ කළේ, නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සිදු කළ කන්නංගර විද්වතාණන් ලාංකික ජන හදවත් තුළ අමරණීය මතක සටහන් එක් කළ සීමිත පිරිස අතර ඉහළින් ම සිටින චරිතයක් ලෙස අවිවාදයෙන් ම හැඳින්විය හැකි බවයි.

විශේෂයෙන් ම 50-60 දශකයේ දී බොහෝ ග්‍රාමීය දරු දැරියන් පිරිසකට මෙම නිදහස් අධ්‍යාපනය යටතේ සරසවි වරම් විවර වූ අතර අධ්‍යාපනයේ සම අවස්ථා රටේ සැමට හිමි කර දීමට ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු වශයෙන් ඒ මහතා අද වන තෙක් මෙරට ජනතාවගේ ගෞරවාදරයට ලක් වන බවයි.

අද දින දිවයින පුර කන්නංගර ගුණානුස්මරණ වැඩසටහන් මගින් එතුමාගේ ගුණ සැමරෙන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු ද එක් ව සිටියහ.

මාධ්‍ය ඒකකය.