නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

ජාතික අධ්‍යාපන ආයතනයේ මගපෙන්වීමෙන් මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු නව අධ්‍යාපන දැක්ම දැනුවත් වෙයි.

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


“අවුරුදු දහයකින් පහළොවකින් මේ රට කොහොමද තියෙන්න ඕන, අන්න ඒ සඳහා අවශ්‍ය DNA එක හදන එකයි, අධ්‍යාපනයෙන් අපි මේ කරන්නේ”

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් ජාතික හා පළාත් පාසල්වල විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම වැඩසටහන යටතේ මේ දක්වා දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක ආවරණය කර ඇති අතර, එහි අඛණ්ඩ පියවරක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන අද (2025.10.04) අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ බුද්ධ ශාසන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම්, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, හා විවිධ අධ්‍යාපන බලධාරීන් සහ මාතලේ දිස්ත්‍රික්කයේ තුන්සිය පනහකට ආසන්න විදුහල්පතිවරු පිරිසක් සහභාගි විය.

ජාතික අධ්‍යාපන ආයතනයේ මඟපෙන්වීම යටතේ සිදුකරනු ලබන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු හා ක්‍රියාමාර්ග පිළිබඳ විදුහල්පතිවරුන් අතර සවිස්තර අවබෝධයක් ඇති කිරීමයි.

ඒ අනුව, අනාගතයේ දී දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මාධ්‍ය ඒකකය