නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ අනුමත අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරුවල පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුරප්පාඩුව පවතින අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 09, 10, 11 හා 13 යන දිනයන්හී දී පෙ.ව. 9.00 සිට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිත නිලධාරීන්ට අදාළව සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන දිනයන් හා වේලාවන් වෙන් කර ඇති ආකාරය දැක්වෙන ලේඛනය හා සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමේදී රැගෙන ආ යුතු ලිපි ලේඛන පිළිබඳව සඳහන් කරමින් අදාළ නිලධාරීන් වෙත යොමු කල කැඳවීමේ ලිපියේ ආකෘතිය පහතින් බාගත කරන්න.