
නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව
ශාඛාවේ කාර්යයන්
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සකස් කිරීම සහ සංවර්ධනය කිරීම.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයට අදාළ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම.
සමාජ ජාල වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳව පාසල් සිසුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශය, ගුරු පුහුණුව, පෙළ පොත් සකස් කිරීම සහ විෂය සංවර්ධනයට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කිරීම.
පාසල් මට්ටමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ නියාමනය (උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, GIT, 6-9 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)
පාසල්වල නව තාක්ෂණයන් පිළිබඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
ජාතික මට්ටමේ ICT ශූරතා තරඟාවලිය සහ අනෙකුත් ICT තරඟ සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම.
පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ හවුල්කාරිත්වයෙන් IT ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT / BPM) ව්‍යාපෘතිය සහ IT විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ සිසුන් සහ ගුරුවරුන් සඳහා දැනුවත් කිරීමේ සැසි පැවැත්වීම.
පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමිති/ සමාජ බලගැන්වීම සහ ශක්තිමත් කිරීම.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය ප්‍රවර්ධනය කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආශ්‍රිත සම්මන්ත්‍රණ, වැඩමුළු, සංසද, ප්‍රදර්ශන සහ තරඟ සහ අනෙකුත් කටයුතු සංවිධානය කිරීම.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල “වෙබ් අඩවිය” පවත්වාගෙන යාම, වැඩිදියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම.
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත