- සංවර්ධන සහකාර
- ලේඛන සහකාර
- රසායනාගාර සහායක
- රසායනාගාර සහකාර
- පුස්තකාල සහායක
- ජලනල විදුලි
- පාසල් ආරක්ෂක
- කාර්ය සහායක
- සේවා සහායක – සනීපාරක්ෂක
- ක්‍රිඩා පුහුණුකරු
- ශිෂ්ය නිවාස පාලක
- තාක්ෂණ පීඨ සහායක

– අධ්යාපන හා උසස් අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා





විස්තර: https://ncoe.moe.gov.lk/NcoeTechApp/
අවසන් දිනය: 2025-01-10


ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද දින පෙරවරුවේ ‘ඉසුරුපාය’ – අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශ පරිශ්රයේ දී අභිනව රජයේ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ අමාත්ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්රාමාත්යතුමිය පැවසී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්යවරිය පැවසුවේ අධ්යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධ ව නිහතමානී ව සතුටු වන බවත් එසේ ම එම විෂයේ පවත්නා භාරදූර භාවය ද මැනවින් අවබෝධ කරගෙන සිටින බවත් ය. නව රජයේ ප්රතිපත්ති අනුව ඉහළ ප්රමුඛත්වයක් අධ්යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්යාපනය නිසි ක්රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථක ව ක්රියාත්මක කළ යුතු බවත් අමාත්යවරිය පැවසී ය. එමගින් දරුවන්ට සතුටින් අධ්යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු ව ඇති අතර ඊට අවශ්ය වන පරිදි වර්තමානයේ අධ්යාපන ක්ෂේත්රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු ව ඇති බවත් සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්යවශ්ය බවත් ඇය වැඩිදුරටත් පැවසී ය.
අද දිනයේ දී ම අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස් එන්. කලුවැව මහතා ‘ඉසුරුපාය’ අමාත්යාංශ පරිශ්රයේ දී එම ධුරයේ වැඩ භාරගත් ගත්තේ ය.





අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න මහතාගේ හා අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්රධානත්වයෙන් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ කාර්ය මණ්ඩලය 2025 නව වර්ෂාරම්භය සනිටුහන් කර අද උදෑසන ‘ඉසුරුපාය’ පරිශ්රයේ දී රාජ්ය සේවා ප්රතිඥාව ලබා දීම සිදු කළහ.
මේ අවස්ථාවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්රියාත්මක ‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහන සමගින් ද අමාත්යාංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය එක් වූහ. තිරසර අනාගතයක් සඳහා විසඳුම් වශයෙන් මෙරට පාලන, සමාජ, පාරිසරික හා ආර්ථික ක්ෂේත්රයන්හි තිරසරභාවය ඇති කිරීම උදෙසා ප්රධාන අරමුණු හතරක් කෙරෙහි මෙහි දී කාර්ය මණ්ඩලයේ අවධානය යොමු කෙරිණ.
තවදුරටත් ඉවසා දරාගෙන සිටීමකින් තොර ව දූෂණයට එරෙහි වීම හා ඒ වෙනුවෙන් ඇති මහජන වගවීම හා දක්වන විශිෂ්ට ත්යාගශීලී ගුණය, එසේ ම පාරිසරික වගවීම හා සමාජ විඥානය පිළිබඳ මානසිකත්වයක් ඇති කරගැනීම, ස්වාභාවික සම්පත් භාවිතය ප්රශස්ත කිරීම මගින් පිරිසිදු හා තිරසර පරිසරයක් සහතික කිරීම සහ රාජ්ය හා පෞද්ගලික අන්තර් සම්බන්ධීකරණය හරහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් අපද්රව්ය කළමනාකරණ පද්ධතිය ශක්තිමත් හා විධිමත් කිරීම යන ප්රධාන අරමුණු පිළිබඳ මෙහි දී පැහැදිලි අවබෝධයක් ලබා දීම සිදු විය.





පාසල් සංවර්ධන නිලධාරීන් මෙන් ම උපාධිධාරී ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ මතු ව ඇති ගැටලුව සම්බන්ධයෙන් පාසල් සංවර්ධන නිලධාරීන් සංගම් කීපයක නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් පසුගිය දා අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ආයතනය පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව යන මහත්වරුන්ගේ ප්‍රධානීන් අධ්‍යාපන අමාත්යාංශ පරිශ්රයේ දී පවත්වන ලදී.
එහි දී සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ඔවුන් ගුරු සේවයට අනුමැතිය ලබා ගැනීමේ දී ශ්‍රව්‍ය පෙන්වා දී ඇති පරිදි රාජ්‍ය සේවා සභාව නිර්දේශයන්ට යටත් ව ක්‍රියා කළ යුතු බව දෙපාර්ශ්වයේ අදහස විය.
අදාළ විසඳුම් ක්‍රියාත්මක කරන තෙක් පාසල් සංවර්ධන නිලධාරීන් රජයේ වෙනත් කාර්යාල වෙත අනුයුක්ත කිරීම තාවකාලිකව පැවැත්වීමට නියමිතව ඇති නියෝගයක් සඳහා ලේකම්වරයා පැවසීය. ඉතා කඩිනමින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාල පුද්ගලයා සමග සාකච්චා කර ඉදිරියේ දී කටයුතු කරන බව වෛද්‍ය අමාත්‍යවරයා විසින් ද වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
