
යූ.ටී. දික්කුඹුර මහත්මිය
අතිරේක ලේකම්
විෂය සමගාමී සහ ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන
පැතිකඩ
උදාරා ටී. දික්කුඹුර මහත්මිය කොළඹ 05 විශාඛා විද්‍යාලයේ ඇයගේ ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කළාය. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා ඇති අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනපති (එම්ටීඊ) උපාධිය ද ලබාගෙන ඇත. ඊට අමතරව දික්කුඹුර මහත්මිය එක්සත් රාජධානියේ ස්ටැට්ෆඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ කලමනාකරණය පිළිබඳ විද්‍යාපති (එම්එස්සී) උපාධිය ද ලබාගෙන තිබේ.
දික්කුඹුර මහත්මිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ වූයේ 2005 වර්ෂයේ විවෘත තරඟ විභාගය හරහා වන අතර දැනට ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුරුදු 20 කට වැඩි කලක් අත්දැකීම් ලබා ඇත. ඇය මිිට පෙර අතිරේක ලේකම් (පාසල් කටයුතු), අතිරේක ලේකම් (ප්‍රතිපත්ති, සැලසුම් සහ කාර්ය සමාලෝචන), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (පර්යේෂණ හා සංවර්ධන) ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයකම සේවය කර ඇත.
දැනට ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවැනි පන්තියේ (විශේෂ ශ්‍රේණිය) නිලධාරිනියක් ලෙස අතිරේක ලේකම් (විෂය සමගාමී සහ ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන) තනතුර හොබවයි.
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත