නවතම ප්‍රවෘත්ති

පුවත් කවුළුව

සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ (2025)අවසාන වටයෙහි සහතික ලබා දීම පිණිස පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන ලබා ගන්නා පාසල්වල සහභාගීත්ව තොරතුරු ජාතික මට්ටමේ තරගය පැවැත්වීමට පෙර එවීම සදහා මෘදු පිටපත

|

දිනය:

|

අවසන් වරට යාවත්කාලීන කළේ:


සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ (2025)අවසාන වටයෙහි 1, 2, 3 ස්ථාන සහ කුසලතා සහතික ලබා ගන්නා සිසු දරු දැරියන්ට එම සහතික ලබා දීම සදහා ජාතික මට්ටමේ තරගයට පෙර ම පළාත් මට්ටමින් ප්‍රථම ස්ථාන ලබා ගන්නා පාසල්වල අදාළ තොරතුරු ලබා දීම අත්‍යවශ්‍ය බැවින් ජාතික වටයට පෙර මෙම MS Excel ගොනුව නිසි ලෙස පුරවා මේ සමග ඇති ඊමේල් ලිපිනයට එවීම අත්‍යවශ්‍ය වේ. සියලු තොරතුරු සහිතව සහතික මුද්‍රණය කර ලබා දෙන්නේ තරගයට පෙර එම තොරතුරු ඊමේල් මගින් එවන පාසල්වලට පමණකි. මෙම තොරතුරු පුරවා අප අප වෙත එවීමට අදාළව මේ සමග ඇති උපදෙස් පත්‍රිකාව පරිශීලනය කරන්න. සම්පූර්ණ කළ තොරතුරු ගොනුව aescompmoe@gmail.com දරන අපගේ ඊ මේල් ලිපිනයට එවිය යුතු ය.