ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අතර හමුවක් ජූනි 24 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තානාපතිනිය පිළිගත් අතර ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ද්වී පාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණි.
රටේ ශ්‍රම බලකායට සරිලන ලෙස වෘත්තීය අධ්‍යාපන අංශය ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර කාර්මික අධ්‍යාපනය සඳහා කෙරෙන හුවමාරු වැඩසටහන් සහ විශ්ව විද්‍යාවල උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. එමෙන් ම ශ්‍රි ලංකාවේ පාසල් පද්ධතිය තුළ කොරියානු භාෂාව හැදැරීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සහ කොරියානු සංස්කෘතික මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
මාධ්‍ය ඒකකය.



