රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හී ශිෂ්‍ය නේවාසිකාගාර පහසුකම් පිළිබඳ ව සොයා බැලීමට පත් කළ කමිටුව හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙහිදී නව දෙනෙකුගෙන් යුත් මෙම කමිටුව විසින් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට අයත් ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලු පිළිබඳ වාර්තාවක් අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන ලද අතර, එම වාර්තාව සැලකිල්ලට ගෙන ශිෂ්‍ය නේවාසිකාගාරවලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ අවධානය මෙහිදී යොමු විය.
එසේම, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධ කරගනිමින් නේවාසිකාගාර පහසුකම් පිළිබඳව නිර්ණායකයන් ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද මෙහිදී යෝජනා විය.
මෙම අවස්ථාවට කමිටුවේ සභාපති මහාචාර්ය කේ.එල් වසන්ත කුමාර මහතා ඇතුළු කමිටු සාමාජිකයින් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය.



