විමර්ශන ශාඛාව


නම
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
විමර්ශන ශාඛාව

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු පාලනය යටතේ පවතින ආයතනවල සේවය කරන විවිධ සේවාවන්හි නිලධාරීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ක්‍රියා පටිපාටික රීති සහ ආයතන සංග්‍රහයේ විධිවිධාන සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරන අවස්ථාවේ දී ආයතන සංග්‍රහයේ XL VII වගන්තිය ප්‍රකාරව මූලික පරීක්ෂණ පැවැත්වීම.

  1. ප්‍රකාශ ලබා ගැනීම.
  2. ස්ථානීය විමර්ශනයක් සිදු කිරීම.
  3. අදාළ පරිදි මුල් පිටපත් හෝ ක්ෂණික පිටපත් ලබා ගැනීම.
  4. අවශ්‍ය පරිදි භාණ්ඩ සමීක්ෂණය සිදු කිරීම.
  5. අවශ්‍ය පරිදි අල්මාරි, පරිගණක, ගොඩනැගිලි මුද්‍රා තැබීම.
  6. විමර්ශන වාර්තා සකස් කිරීම සහ ඉදිරිපත් කිරීම.
  7. චෝදනා පත්‍ර කෙටුම්පත් කර ඉදිරිපත් කිරීම.
  8. විධිමත් විනය ක්‍රියාමාර්ග හැසිරවීම සහ සාක්ෂිකරුවෙකු ලෙස සහභාගී වීම.

විමර්ශන නිලධාරීන් ලෙස මානව හිමිකම් කොමිසමට සහ අල්ලස් කොමිසමට කරන ලද විමර්ශන සම්බන්ධයෙන් පැමිණිලි කරන ලද විට සහභාගී වී සාක්ෂි ලබා දීම.

ලේඛන / බාගතකර ගැනීම්