ආයතන


ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය මහතා
අතිරේක ලේකම්
ආයතන

පැතිකඩ

ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ස්ථාපන) ලෙස කටයුතු කරයි. එදිරිසූරිය මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන අතර පරිපාලන නිලධාරියෙකු ලෙස වසර 24 ක පළපුරුද්දක් ඇති අතර රාජ්‍ය අංශයේ වසර 31 ක සේවා කාලයක් ඇත. දකුණු පළාතේ සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරයා ලෙස සේවය ආරම්භ කළ ඔහු පසුව කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළේය. පළමු පන්තියේ නිලධාරියෙකු ලෙස මහරගම ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් සේවය කර ඇත.

එදිරිසූරිය මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරියෙකුද වන අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය හැදෑරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙකු ලෙස වෘත්තීය සුදුසුකම් ලබා ඇත. තවද, ඔහු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ලත් අයෙකි.

ලේඛන / බාගතකර ගැනීම්