උපාධිධාරීන්ගේ සංගමය හා සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී පාසල් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යතුමිය පවසා සිටියේ මේ වන විට අධිකරණයේ පවතින නඩු කටයුතු අවසන් වී තීන්දුව ලැබුණු පසු ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව පවතින නෛතික රාමුව තුළ ඉදිරියේ පත්වීම් ලබාදීමට නියමිත බවයි.








