පෞද්ගලික පාසල් ශාඛාව


නම ටී. ඩී. විදානපතිරණ
අධ්‍යාපන අධ්‍යක්ෂ
පෞද්ගලික පාසල් ශාඛාව

ශාඛාවේ කාර්යයන්

1.0 රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරු ආයතනික කටයුතු

1.1.1 ගුරු පත්වීම් සඳහා වන යෝජනා පත්‍ර අනුමත කිරීම.

1.1.2 ශ්‍රේණි උසස් කිරීම් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම.

1.2.   රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේ දේශිය නිවාඩු අනුමත  කිරීම

  1.2.1.   පෞද්ගලික නිවාඩු ලෙස ලබා ගන්නා විශේෂ‍ නිවාඩු (වැටුප් සහිත හා රහිත)

  1.2.2.   අධ්‍යයන නිවාඩු (දීර්ඝකාලීන හා කෙටිකාලීන – වැටුප් සහිත හා රහිත)

  1.2.3.   වෙනත්

1.3.   රජයේ අනුමත පෞද්ගලික පාසල් ගුරුවරුන්ගේ විදේශ නිවාඩු අනුමත කිරීම

.   1.3.1. විදේශ සංචාර සඳහා

    1.3.2.  විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා

    1.3.3   පෞද්ගලික විදේශ සංචාර (සෞඛ්‍යමය හේතුමත, ප්‍රතිකාර ගැනීමට/විවේක ගැනීමට)

 1.3.4   විදේශ අධ්‍යයන නිවාඩු (දීර්ඝ කාලීන හා කෙටිකාලීන)

 1.4.    රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරු සංඛ්‍යා අනුමත කිරීමට අදාළ කටයුතු.

 1.5.   ගුරුවරුන්ගේ සේවය අවසන් කිරීම් යෝජනා පත්‍ර අනුමත කිරීම

 1.6.   ගුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ යෝජනා පත්‍ර අනුමත කිරීම

 1.7.   ගුරු ආයතනික කටයුතු පිළිබඳ උපදෙස් ලබා දීම.

2.0     පාසල්වල තොරතුරු යාවත්කාලීන කිරීමට අවශ්‍ය කටයුතු

2.1       රජයේ අනුමත පෞද්ගලික පාසලේ නම, කළමනාකරුගේ නම, ස්ථානය වෙනස් කිරීම සම්බන්ධ තොරතුරු

3.0     රජයේ අනුමත පෞද්ගලික පාසල් අධීක්ෂණය

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හා කලාප, කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා ගුරු උපදේශකවරුන් ගෙන් සමන්විත කණ්ඩායම් විසින් පාසල්වල, ඉගෙනුම්-ඉගැන්වීමේ ක්‍රියාවලිය, පාසලේ මානව සම්පත්, භෞතික සම්පත් පාසල් පිරියත හා පාසලේ කළමනාකරණය පිළිබදව සොයා බලා අවශ්‍ය  උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි.

4.0      රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යයන හා පරිපාලන පුද්ගල ධාරිතා සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම.

5.0     රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සහ අනිකුත් බාහිර ආයතන වල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම.