
ආර්.පී.පී. අබේකෝන් මහත්මිය
ප්‍රධාන මූල්‍ය නිලධාරී
ප්‍රධාන මූල්‍ය නිලධාරී 2
පැතිකඩ
ආර්.පී.පී. අබේකෝන් මහත්මිය ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. ඇය 1997 මැයි මාසයේදී ඔඩිටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරියක ලෙස රාජ්‍ය සේවයේ තම වෘත්තිය ආරම්භ කළාය. වර්ෂ 2000 අප්‍රේල් මාසයේදී ඇය ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයට සම්බන්ධවූ අතර උතුරු මැද පළාත් සභාවේ සමාජ සේවා සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ ගණකාධිකාරි ලෙස පත්කරනු ලැබුවාය. වර්ෂ 2001 ජූනි මාසයේ සිට 2006 අප්‍රේල් දක්වා ඇය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සහකාර ලේකම් (මූල්‍ය) ලෙස සේවය කළාය. ඉන් අනතුරුව ඇය බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරි ලෙස අවුරුදු නවයක් සේවය කළාය. 2011 වර්ෂයේදී ඇය පළමුවන පන්තියට උසස් කරනු ලැබූ අතර පසුව 2016 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිනිය ලෙස පත්කරනු ලැබුවාය. 2021 වසරේ ජූලි මාසයේදී ඇය වන සත්ව හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි හැටියට රාජකාරි ආරම්භ කළාය.
2024 ජූලි මාසයේදී විශේෂ ශ්‍රේණියට උසස් වීමත් සමග ඇය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි – 11 හැටියට පත්කරනු ලැබ වත්කම් කළමනාකරණය සහ ජාතික පාසල් සුපරීක්ෂණය භාරව ක්‍රියා කරයි.
ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී (විශේෂ) උපාධිය (දෙවැනි පෙළ ඉහළ) ද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ප්‍රසම්පාදන කළමනාකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව ද ලබාගෙන ඇත. ඇය ප්‍රායෝගික අත්දැකීම් මෙන්ම විවිධ ආකාරයේ කෙටිකාලීන පාඨමාලා, පුහුණු වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වෙනත් වෘත්තීය සංවර්ධන ක්‍රියාකාරකම් හරහා මූල්‍ය කළමනාකරණය, ප්‍රසම්පාදන කළමනාකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, විගණනය සහ තවත් බොහෝ අදාල ක්ෂේත්‍රයන්හි පෘථුල දැනුමක් ලබාගෙන තිබේ.
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත