ප්‍රධාන අභ්‍යන්තර විගණක


ටී.සී.පී. ප්‍රනාන්දු මහත්මිය
ප්‍රධාන අභ්‍යන්තර විගණක
ප්‍රධාන අභ්‍යන්තර විගණක

පැතිකඩ

ටී.සී.පී. ප්‍රනාන්දු මහත්මිය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බී.එස්සී. මූල්‍ය (විශේෂ) උපාධිය ලබාගෙන ඇත. තවද ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සාමාජිකාවක් වන අතර ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ පළමුවැනි පන්තියේ නිලධාරිනියක් ද වෙයි.

ඇය 2008 වර්ෂයේ ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයට ඇතුලත් වීමෙන් පසු රාජ්‍ය ආයෝජන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය, තක්සේරු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල ගණකාධිකාරි, රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ සහ අ‍ාරක්ෂක අමාත්‍යංශයේ ගණකාධිකාරි යන තනතුරුවල සේවය කළාය. 2020 වර්ෂයේදී ඇය පළමු වැනි පන්තියට උසස් කරනු ලැබූ පසු කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි හැටියට සේවය කිරීමෙන් පසු දැනට ඇය අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරි ලෙස සේවය කරයි.

ඇය රාජ්‍ය ප්‍රසම්පාදන සහ කොන්ත්‍රාත් පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව මිලෝඩාහිදී හැදෑරූ අතර ගණකාධිකරණය, මූල්‍ය කළමනාකරණය සහ අභ්‍යන්තර විගණනය පිළිබඳව ප්‍රසිද්ධ අන්තර්ජාතික ආයතනවලින් විදේශීය පුහුණුව හා දැනුවත්වීම් ලබාගෙන තිබේ.

ලේඛන / බාගතකර ගැනීම්