
නියෝජ්‍ය අමාත්‍ය
අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය
වෛද්‍ය මධුර සෙනෙවිරත්න (එම්.බී.බී.එස්. (ශ්‍රී ලංකා))
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පැතිකඩ – වෛද්‍ය මධුර සෙනෙවිරත්න (එම්.බී.බී.එස්. (ශ්‍රී ලංකා))
වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මහජන සේවයට කැපවූ වෛද්‍ය වෘත්තිකයකු වන අතර ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කරයි. 1979 වර්ෂයේ අගෝස්තු මස 23 වැනි දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ උපන් හෙතෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරයි. පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් එම්.බී.බී.එස්. උපාධිය ලබාගෙන ඇති දොස්තර සෙනෙවිරත්න මහතා දේශපාලන වෘත්තියට පිවිසීමට පෙර පුහුණු නිර්වින්දක වෛද්‍යවරයකු ලෙස සෞඛ්‍ය සේවා අංශයේ සේවය කර ඇත.
සමාජ සමානාත්මතාවය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් උද්යෝගීව ක්‍රියාකරන ඔහු ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කැඳවුම්කරු හැටියට සහ සමාජවාදී කම්කරු සංගමයේ කමිටු සාමාජිකයකු හැටියට ද ක්‍රියා කරයි. ශ්‍රී ලංකා – චීන වුෂු මිත්‍රත්ව සංගමයේ සහ ශ්‍රී ලංකා තායි චී සංගමයේ උප සභාපතිවරයා ලෙස අන්තර්ජාතික සංස්කෘතික නිරතවීම්වලට ද ඔහුගේ නායකත්වය විහිදී යයි. ඊට අමතරව ජාතික විද්වත් සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක ලෙස ශාස්ත්‍රීය හා බුද්ධිමය සංවර්ධනය සඳහා ද ඔහු දායක වෙයි.