
එම්.ඒ.වී.එස්. එදිරිසූරිය මහත්මිය
අතිරේක ලේකම්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
පැතිකඩ
එම්.ඒ. වාසනා සුරංගි එදිරිසූරිය මහත්මිය ඇයගේ ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ සම්පූර්ණ කර ඇත. ඇය කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළාය. එදිරිසූරිය මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ස්ටැෆඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය ද ලබාගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇත. ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ වූයේ 2005 වර්ෂයේ විවෘත තරඟ විභාගය හරහා වන අතර දැනට ඇය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල අවුරුදු 15 කට වැඩි කලක් අත්දැකීම් ලබා ඇත. දැනට ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ (විශේෂ ශ්‍රේණිය) නිලධාරිනියක් ලෙස අතිරේක ලේකම් (අධ්‍යාපන ප්‍රතිසංස්කරණ) තනතුර හොබවයි.




