විද්‍යා ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
විද්‍යා ශාඛාව

ශාඛාවේ කාර්යයන්

විද්‍යා අධ්‍යාපනය සඳහා ජාතික සැලසුම් සකස් කිරීම.

ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව පළාත් විද්‍යා අධ්‍යාපනය සැලසුම් කිරීම, උපදෙස් ලබා දීම සහ අධීක්ෂණය කිරීම.

විද්‍යා විෂයයේ සාධන මට්ටම වැඩිදියුණු කිරීම සඳහා ගුරුවරුන් / සේවාස්ථ උපදේශකයින් / විද්‍යා විෂය අධ්‍යක්ෂවරුන් සඳහා දේශීය හා විදේශීය ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මට්ටමේ වැඩසටහන් සඳහා ප්‍රතිපාදන ලබා දීම සහ ඒවා අධීක්ෂණය කිරීම.

රට පුරා ව්‍යාප්තව ඇති විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යාපන මධ්‍යස්ථාන හරහා පරිසරය හා සම්බන්ධ ගුරු ශිෂ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එම මධ්‍යස්ථාන නවෝත්පාදන චින්තන මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කිරීම.

විද්‍යා ගුරුවරුන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම සහ එම අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.

පාසල් රසායනාගාර සඳහා විද්‍යා උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් නිර්දේශ ඉදිරිපත් කිරීම.

විද්‍යා අධ්‍යාපනයට අදාළ ප්‍රතිපත්ති පාදක සංවාද, යෝජනා ආදිය සඳහා ප්‍රවේශයන් සැපයීම.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විද්‍යා විෂයයන්ට අදාළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සම්බන්ධයෙන් යෝජනා/නිර්දේශ ලබා දීම.

විද්‍යා අධ්‍යාපනයට අදාළ විශ්ව විද්‍යාල, අනෙකුත් අමාත්‍යාංශ සහ අනෙකුත් විවිධ ආයතන (පරිසර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා න්‍යෂ්ටික බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ ජාතික විද්‍යා පදනම ආදිය) සමඟ විද්‍යා විෂයට සමාන්තරව සබඳතා ගොඩනැගීම, සම්බන්ධීකරණය සහ වැඩසටහන් සංවිධානය කිරීම.

විද්‍යා පෙළපොත් සහ විෂය නිර්දේශ සකස් කිරීම සඳහා අදාළ ආයතනවලට ප්‍රතිපෝෂණ සැපයීම.

දක්ෂ සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන අවස්ථා ලබා දීම. උදා: ඔලිම්පියාඩ් තරඟාවලිය, තරුණ විද්‍යාඥ තරඟාවලිය.

විද්‍යා ශාඛාවේ කටයුතු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය.

ලේඛන / බාගතකර ගැනීම්

2023 උසස් පෙළ ආදර්ශ ප්‍රශ්න පත්‍ර
උසස් පෙළ භෞතික විද්‍යාව – ආදර්ශ ප්‍රශ්න පත්‍ර