
නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
ජාතික භාෂා හා මානව ශ්‍රාස්ත්‍ර අධ්‍යාපන ශාඛාව
ශාඛාවේ කාර්යයන්
විෂයමාලා සංවර්ධන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දීම.
ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් වැඩසටහන් සංවිධානය කිරීම.
ශාඛාවට අදාළ විෂයයන් සංවර්ධනය කිරීම, අධීක්ෂණය, ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දායකත්වය ලබා දීම.
ජාතික මට්ටමේ ප්‍රතිඵල විශ්ලේෂණය තුළින් අඩු සාධන මට්ටම් ඇති පළාත් සඳහා විශේෂ ප්‍රතිඵල වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.
වාර්ෂික තරඟ සැලසුම් කිරීම, සංවිධානය කිරීම සහ පැවැත්වීම (පළාත්, සමස්ත ලංකා සහ ජාතික මට්ටමින්)
වැඩසටහන් පිළිබඳව පළාත් විෂය සම්බන්ධීකරණ නිලධාරීන් දැනුවත් කිරීම.
කලාප සහ පළාත් මට්ටමින් ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම තුළින් ගුරුවරුන්, සේවාස්ථ උපදේශකයින් සහ විෂය අධ්‍යක්ෂවරුන්ගේ සාධන මට්ටම වැඩිදියුණු කිරීමට පියවර ගැනීම.
වාර්ෂිකව සිංහල භාෂා ඒකකය මගින් “නුවන” සඟරාව සහ දෙමළ භාෂා ඒකකය මගින් “කුර්මතී” සඟරාව මුද්‍රණය කිරීම.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශාඛාවේ විෂයයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම.
මෙම ශාඛා පහත සඳහන් විෂයයන්ට අදාළ ක්‍රියාකාරකම් සිදු කරයි.
- සිංහල භාෂාව සහ සාහිත්‍යය
- සාහිත්‍ය අගය කිරීම
- සිංහල සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය
- දෙමළ භාෂාව සහ සාහිත්‍යය
- දෙවන භාෂාව (සිංහල)
- දෙවන භාෂාව (දෙමළ)
- ඉතිහාසය
- භූගෝලය
- පුරවැසි අධ්‍යාපනය
- දේශපාලන විද්‍යාව
- තර්කනය සහ විද්‍යාත්මක ක්‍රමය
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
ලේඛන / බාගතකර ගැනීම්
මෙහිදී ඔබට මෙම ගොනු බාගත කිරීමේ විස්තර කොටුව සඳහා මාතෘකාවක් එක් කළ හැක
මෙම ශාඛාවේ පුවත් සහ විශේෂ නිවේදන
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත
සංදර්ශන කිරීමට අන්තර්ගත නැත