කළමනාකරණ සහ ප්‍රමිති ශාඛාව


නම
අධ්‍යාපන අධ්‍යක්ෂ
කළමනාකරණ සහ ප්‍රමිති ශාඛාව

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන පද්ධතියේ සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය තුළ තිබිය යුතු සියලු නිපුණතා හඳුනා ගැනීම සහ ඒවාට අදාළ නිර්ණායක සකස් කිරීම සහ ඒවා පද්ධතියට හඳුන්වා දීම.

භෞතික සම්පත් සම්බන්ධයෙන් පිළිගත් ආයතන විසින් සකස් කරන ලද ප්‍රමිතීන් සහ පිරිවිතර එකතු කිරීම හෝ විශේෂඥයින්ගේ සහාය ඇතිව ඒවා සකස් කර පද්ධතියට හඳුන්වා දීම.

පාසල්වල ස්වයං සංවර්ධනය සඳහා ගුණාත්මක සංවර්ධනය පිළිබඳ කළමනාකරණ ක්‍රියාවලිය හඳුන්වා දීම සඳහා වැඩසටහන් පැවැත්වීම.

පාසල්වල ස්වයං සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය පුළුල් හා අඛණ්ඩ අභ්‍යන්තර තක්සේරු ක්‍රියාවලියක් සඳහා භාවිතා කළ යුතු ඇගයීම් මෙවලම් හඳුන්වා දීම.

අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතනවල ක්‍රියාකාරකම් ඇගයීම සඳහා විශේෂඥයින්ගේ සහාය ඇතිව නිර්ණායක සකස් කිරීම සහ විශේෂඥයින්ගේ සහාය ඇතිව එම ඇගයීම් ක්‍රියාත්මක කිරීම.

අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායම් විසින් පාසල්වල බාහිර ඇගයීම් සඳහා භාවිතා කරන මෙවලම් සකස් කිරීම සහ එම ඇගයීම් ක්‍රියාවලිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම.

ලේඛන / බාගතකර ගැනීම්