ශ්‍රී ලාංකේය අධ්‍යාපන පද්ධතියේ දොරටුව

අධ්‍යාපනයේ නවීන හා ප්‍රගතිශීලී ප්‍රවේශයක් තුළින්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල දැනුමෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් සහිත පුරවැසි පරම්පරාවක් නිර්මාණය කිරීමේ ජාතික වගකීම ඉටු කිරීම සඳහා අපි කැපවී සිටිමු.

අධ්‍යාපන

ප්‍රතිසංස්කරණ

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) – 2025

2025 වර්ෂයේ සිට පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2025.09.09 දිනැතිව 27/2025 චක්‍රලේඛය නිකුත් කර ඇත. එම චක්‍රලේඛය ප්‍රකාරව 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව, 2025.06.30 දිනට […]

පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන් 500ක් වෙන් කරයි.

දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවල උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් 2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන (SESIP) යටතේ පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශය මගින් මේ වනවිට අදාල ප්‍රතිපාදන පාසල් සංවර්ධන සමිති ගිණුම් වෙත […]

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ අධ්‍යයන ගැටලු පිළිබඳ එම ආයතනයේ කථිකාචාර්ය වෘත්තීය සංගමය හා අගමැතිවරිය අතර සාකච්ඡාවක් ඉසුරුපායේ දී

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ කථිකාචාර් වෘත්තීය සංගමය සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර එම ආයතනයේ අධ්‍යයන හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (2025.09.03) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර එම ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රුද්‍රිගූ මහතා ද එම අවස්ථාවට සහභාගි විය. මෙහි දී අධ්‍යාපනයේ නව […]

අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ගැටලු ඉසුරුපායේ දී අගමැතිවරිය හමුවට

අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සාමාජිකයන් හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර අමාත්‍යාංශ නිලධාරීහු ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. එහි දී එම ශිෂ්‍ය ක්‍රියාකාරීන් සිය සුභසාධන හා අධ්‍යයන ගැටලු පිළිබඳ ව අමාත්‍යවරිය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදි. ජාතික වෘත්තීය තාක්ෂණ […]

“රටේ පරිවර්තනයේ වගකීම දේශපාලන නායකත්වයට මෙන්ම, රාජ්‍ය සේවයට නායකත්වය දෙන්නන්ට ද තිබෙනවා “

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රට තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේ වගකීම දේශපාලන නායකයන්ට පමණක් නොව රාජ්‍ය සේවය නායකත්වය දෙන නිලධාරීන්ටද අයත් වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් දැක්වුවේ, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය සඳහා සීමිත […]

සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම අපේ අරමුණයි.

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමානාත්මතාවයෙන් සහ ගුණාත්මකභාවයෙන් පිරි, සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩනැඟීම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් කුමන හෝ ආර්ථික, සමාජීය භූගෝලීය හේතුවක් මත දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් ඉවතට යාම වැළැක්වීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය […]

උපාධිධාරි ගුරු විභාගය ළඟඳීම…

– අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ සංගමයේ නියෝජිතයන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති අතර එම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි යන මහත්වරු ද සහභාගි වී […]

“දරුවා පාසලට භාර දීලා දෙමව්පියන් රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණ වෙලා..”

“මූල්‍යයමය පැත්තෙනුත් ඔවුන්ට විශාල වගකීමක් පෞද්ගලිකව දරන්න සිද්ධ වෙලා…” – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඌව පළාත් අධ්‍යාපන බලධාරින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් අගෝස්තු 26 දින ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහි දී අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ […]

“මේ අධ්‍යාපන ක්‍රමය තුළින් ඇතිකර ඇති විශමතාවය වෙනස් කිරීම අපේ ප්‍රධාන අරමුණක්”

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා විදුහල්පති සහ ගුරු සංගම් සමඟ පවත්වන ලද විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණි. මෙහි දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් වෙත ඇති ගැටලු සහ නව ප්‍රතිසංස්කරණවල විෂය මොඩියුල සම්බන්ධව දීර්ඝව සාකච්ඡා විය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය […]

අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම කළ යුතුයි…

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අභියෝග හඳුනා ගනිමින් සහ එම පද්ධතියේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අමතමින් පෙන්වාදෙන ලදි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැතිවිණි. මෙහි දී අග්‍රාමාත්‍යවරිය […]

පාසල් වාර සටහන – 2026

ශිෂ්‍යභට ජාතික කඳවුරු පැවැත්වීමේ තරග කාල සටහන

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා (5 සහ 6 ශ්‍රේණි හැර) පවතින පුරප්පාඩු – 2025.06.30 දිනට

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) චක්‍රලේඛය

2025.01.01 දිනට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය – (විශේෂ ශ්‍රේණිය)

සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල – දකුණු පළාත් වටය – කාල සටහන

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ අනුමත අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරුවල පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුරප්පාඩුව පවතින අධ්‍යාපන අධ්‍යක්ෂ / කොමසාරිස් තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය 2025 සැප්තැම්බර් මස 09, 10, 11 හා 13 යන දිනයන්හී දී පෙ.ව. 9.00 සිට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.ඒ අනුව, සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිත නිලධාරීන්ට අදාළව සම්මුඛ පරීක්ෂණය පවත්වනු ලබන […]

ජාතික කියවීම් මාසය, පාසල් පුස්තකාල සතිය හා පාසල් පුස්තකාල දින වැඩසටහන් ක්‍රියාත්මක කිරීම – 2025

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම 2019(2020) සීමිත පත්වීම්  ලිපි ප්‍රදානෝත්සවය

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම- 2021(2023) පත්වීම් ලිපි ප්‍රදානය කිරීම.