logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක්
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020 / Published in පුවත්, ශිෂ්‍ය පුවත්

සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

1 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ගණිත විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සහ 1-5 සහ 6-11 ශ්‍රේණිවල ගණිත ගුරුවරුන්ගේ ගුරු ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාවට නැංවෙයි.

මේ යටතේ 1-11 ශ්‍රේණි සිසුන්ගේ ගණිත සාධනය ඉහළ නැංවීම සඳහා ගණිත ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ ධාරිතා සංවර්ධනයට අමතර ව ප්‍රධාන වැඩසටහන් හතක් (7ක්) ක්‍රියාත්මක කෙරේ. ප්‍රාථමික අංශය(1-5) සඳහා වන වැඩසටහන් තුනක්, 6-9 ශ්‍රේණි සඳහා වැඩසටහන් 3ක් සහ 10-11 ශ්‍රේණි සඳහා එක් වැඩසටහනක් මීට ඇතුළත් වේ.

ඒ අනුව 1-5 සහ 6-9 ශ්‍රේණි සඳහා දැලිස, ‘ගණිතය පහසුවෙන්’පොත් පෙළ භාවිතය හා ක්‍රියාකාරකම් පාදක ගණිතය ඉගැන්වීමේ වැඩසටහන යන වැඩසටහන් හඳුන්වා දෙන අතර, 10-11 ශ්‍රේණි සඳහා අත්‍යවශ්‍ය ගණිත ඉගෙනුම් ඵල පදනම් කරගත් ප්‍රතිකාර්යය ඉගෙනුම් ක්‍රියාවලිය මේ යටතේ හඳුන්වා දෙනු ලැබේ.

පාසල් මට්ටමින් මෙම වැඩසටහන් හා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් අභ්‍යන්තර අධීක්ෂණ ක්‍රියාවලිය හා තත්ත්ව කව (Quality Circles ) යොදා ගැනේ. ඊට අමතර ව කලාප හා පළාත් මට්ටමින් බාහිර නියාමනය සෘජු නිරීක්ෂණ හා ප්‍රගති සමාලෝචන රැස්වීම් මගින් සිදුකරනු ලැබේ.

මෙම වැඩසටහන නිසිපරිදි නියාමනය සඳහා නියමිත උපකරණ හා නියාමන ක්‍රමවේද පිළිබඳ පළාත් මට්ටමින් සියලු ම පළාත් සහ කලාපයන්හි ගණිත සහ ප්‍රාථමික අධ්‍යක්ෂවරුන්, විෂය භාර නිලධාරීන්, ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් නවයක් ද (9) අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම් කර තිබෙන අතර ඊට අදාළ වයඹ පළාත් වැඩසටහන පසුගිය දා (2020-02-17) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය (GEMP) යටතේ මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP