logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • පාසල් යලි ඇරෙයි. විභාග පැවැත්වෙයි.
සඳුදා, 06 ජූලි 2020 / Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් යලි ඇරෙයි. විභාග පැවැත්වෙයි.

– 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් ජුලි 06 වැනි දා සිට පාසලට..
– උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වැනි දා..
– පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි දා ..

ශ්‍රී ලංකාවේ පළමු කොවිඩ් ආසාදිතයා හමුවූ මොහොතේ ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරමින් පසුගිය මාර්තු 13 වැනි දා සිට සියලු පාසල් වැසීමට පියවර ගත් පරිද්දෙන් ම, වෛරසයේ ව්‍යාප්තිය ඉතා කෙටි කාලයක් තුළ යහපත් අන්දමින් පාලනය කළ  කලාපයේ පළමු රට බවට පත්වෙමින්,  අදියර 4ක් යටතේ නැවත පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට පියවර ගෙන  තිබේ. රට තුළ පවත්නා සෞඛ්‍යාරක්ෂිත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් ද පදනම් කරගනිමින්, අතිගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන්ගේ ද උපදෙස් මත මෙම තීරණය ගත් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ,  මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (09) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි

එමෙන් ම අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත ව තිබූ උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 07 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා තෙක් පවත්වන බවත්, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය තුළ පළමු අදියර ජුනි මස 29 වැනි දා සිට ක්‍රියාවට නැංවෙන අතර එහි දී සියලු පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් කළමනාකරණ මණ්ඩල සහ  අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට පැමිණ පාසල් පරිශ්‍රය තුළ විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් ආරම්භයට පූර්ව සූදානම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය. මේ සඳහා ජුලි මස 03 වැනි දා දක්වා කාලය පළමු අදියර යටතේ වෙන් කර ඇත.

සිසු දරුවන් වෙනුවෙන් පළමුවෙන් ම පාසල් ආරම්භ කිරීමේ කටයුතු සිදුවන්නේ දෙවැනි අදියරේ දී වන අතර, ඒ යටතේ ජුලි මස 06 වැනි  සඳුදා සිට 13, 11 සහ 05 ශ්‍රේණි දරුවන් සඳහා පාසල් ආරම්භ කෙරේ.  තුන්වැනි අදියරේ දී 12 සහ 10 ශ්‍රේණිවල සිසුන් සඳහා  ජුලි මස 20 වැනි දා සිට ආරම්භ කෙරේ. සිවුවැනි අදියර යටතේ පාසල් ආරම්භ කෙරෙනුයේ, ජුලි මස 27 වැනි දා වන අතර, 3,4,6,7,8,9 ශ්‍රේණි සිසුන් මෙම අදියරේ දී පාසල් වෙත කැඳවනු ලැබේ.

1 සහ 2 ශ්‍රේණිවල සිසුදරුවන් සඳහා පාසල් පැමිණිය යුතු දිනය තවදුරටත් ප්‍රමාද කරන අතර, ඉදිරියේ දී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත ය. 

ගත වූ කාල පරිච්ඡේදය තුළ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මඟ නොහැර කරගෙන යාමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගුරුවරුන් ඇතුළු වෙනත් පාර්ශව රැසක් විශාල සහයෝගයක් ලබාදුන් බව ද, විශේෂයෙන් ම ජනමාධ්‍ය  ඔස්සේ දරුවන්ට ලබාදුන් සහයෝගය ද මෙහි දී කෘතවේදී ව සිහිපත් කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන් ම ගත වූ අභියෝගාත්මක කාලය තුළ ඇඳිරි නීති මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් ලබාදුන් විශිෂ්ට සහයෝගයට  ද ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රමුඛ ආයතනවල සියලු නිලධාරීන් ලබාදුන් සහයෝගයට ද සිය ස්තුතිය පළ කළේය.

දියුණු, නොදියුණු, දුප්පත්, පොහොසත් සියලු සමාජ ස්තරයන් තුළ නවීන තාක්ෂණය අත්පත් කරගැනීම වෙනුවෙන් පැවති උනන්දුව  ගත වූ කාලසීමාව තුළ හඳුනාගත හැකි වූ සුවිශේෂ ලක්ෂණයක් බව ද, කොරෝනාව මාරයෙක් වුව ද එවැනි කරුණු සම්බන්ධයෙන් වෙස්වළාගත් ආශිර්වාදයක් බවට පත්ව ඇති බව ද, පෙන්වා දුන් අමාත්‍යවරයා, ලක්ෂ 50කට ආසන්න ශ්‍රී ලාංකීය දරුවන්  දින 100කට අධික කාල සීමාවක් තුළ නිවාස අඩස්සියෙහි තැබූ මෙම අභියෝගය හමුවේ දරුවන් තාක්ෂණය සමඟ එක්වීම දෙමව්පියන් විසින් සුබවාදී ව දැකීම ද යහපත් ප්‍රවණතාවක් ලෙස සඳහන් කළේය.  පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඊළඟට මුහුණ දීමට සිදුවන අභියෝගය ප්‍රවාහන මාධ්‍ය භාවිතය බව ද, ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, පෞද්ගලික බස්රථ සංගමය, පාසල් වෑන් රථ හිමිකරුවන්ගේ සංවිධාන ඇතුළු ප්‍රවාහන අංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව.

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ  සහභාගී...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP