logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • පාසල් නැවත ආරම්භ කිරීම – 2022 ජූලි
ඉරිදා, 24 ජූලි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

පාසල් නැවත ආරම්භ කිරීම – 2022 ජූලි

දැනට රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හා ගෝලීය වසංගතය නිසා ද, 2020 මාර්තු මාසයෙන් පසුව අවුරුදු 2 1/2 කාලයක් පුරාම ශ්‍රී ලාංකීය දරුවනට කලින් කල පාසල්වලින් බැහැර ව සිටීමට සිදු විය.  මෙම ගුණාත්මක ඉගෙනුම් කාලය නැතිවීමෙන් දරුවන් ලක්‍ෂ ගණනකට ම ඉතාම අපහසු කාලයක් ගත කිරීමට සිදු වී ඇති බව ඉතා ම පැහැදිලි ය.  අධ්‍යාපන අමාත්‍යංශය කිහිප විටක් ම පාසල් විවෘත කිරීමට සැලසුම් කළ ද, අධ්‍යාපන ක්‍රියාවලිය නොකඩවා පවත්වා ගෙන යෑම, හේතු කිහිපයක් නිසාම අභියෝගයට ලක් විය.  තව ද මෙවැනි කඩින්කඩ පාසල් යෑම නිසා ඇතිවන හිදැස අවම කර ගැනීමට සිසුන්ට හැකි වී ද යන්න තහවුරු කිරීම ද හේතු කිහිපයක් නිසා උගහට වේ.  දිගු කාලයක් තිස්සේ පාසල් වසා දැමීම, කාලීන වශයෙන් ගණනය කළ හැකි වුව ද, එයින් වූ ඉගෙනුම් පාඩුව ගණනය කිරීම පහසු නොවේ.

මේ අතරතුර, අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය එක්ව, ගුරු ගෙදර රූපවාහිනි වැඩසටහන්, ජාතික අධ්‍යාපන ආයතනයේ YouTube චැනලය (Channel NIE), e-තක්සලාව සහ නිවෙස් පාදක ඉගෙනුම් වැඩසටහන් ආදිය මෙහෙය වීමෙන් මෙම හිදැස අවම කිරීමට වෑයම් දරා ඇත.

දැනට මෙම වැඩසටහන්වල බලපෑම පැහැදිලි ලෙස නිශ්චිත ව ගණනය කිරීමේ අපහසුව ඇතිවා පමණක් නොව, එම වැඩසටහන් සම්බන්ධීකරණයේ අඩුපාඩු, ආවරණ අඩුපාඩු, අදාළ උපකරණ ලබා ගැනීම, ආර්ථික අපහසුතා ආදිය නිසා සෑම සිසුවකු වෙත ම මෙම වැඩසටහන ළඟා වූ බවක් ද සහතික කරගත නොහැකි නිසා, එම වැඩසටහන් පිළිබඳ එසේ නිගමනයකට එළඹිය නොහැක.

අධ්‍යාපනය නොකඩවා පවත්වාගෙන යෑමට කර ඇති මේ මැදිහත්වීම් සියල්ල අගයන අතර ම පාසල් නැවත ආරම්භ කිරීමට සමාන්තර ව, රට පුරාම අහිමි වූ ඉගෙනුම නැවත ලබා ගැනීමේ වැඩසටහන් ආරම්භ කළ යුතු වේ.

ගෝලීය වසංගතයට අනතුරු ව පාසල් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ප‍්‍රකාශිත උපදෙස් සහ වර්තමාන තත්ත්වය ද සලකා බලා පාසල් නැවත ආරම්භ කිරීමේ දී පහත සඳහන් කටයුතු සැලකිල්ලට ගත යුතු වේ.

  1. සියළුම සිසුන් පාසලට නැවත ගෙන්වා ගැනීම.
  2. ඔවුන්ගේ වර්තමාන ශ්‍රේණිවල අධ්‍යාපනය සාර්ථක ව කරගෙන යාමට ඔවුන් තුළ ඇති හැකියාව හඳුනා ගැනීම.
  3. විවිධ අපහසුතාවන්ට ගොදුරු වු ශිෂ්‍ය කාණ්ඩ හඳුනා ගැනීම සහ ඒ අයට අමතර ආධාර / උපකාර සැපයීම.
  4. පාසල් නැවැත ආරම්භ කිරීමේ සැලැස්මට ප‍්‍රජාවේ උපරිම ආධාර ලබා ගැනීම.
  5. සම්පූර්ණයෙන් ම පැවති තත්වයට පැමිණෙන තුරු, මෙමගින් දැනුම් දී ඇති හා (අත්‍යවශ්‍ය නිපුණතා සහ ඉගෙනුම් ඵල) යෝජනා කර ඇති අත්‍යවශ්‍ය අධ්‍යාපන ඉගෙනුම් අන්තර්ගතය වෙත පමණක් විශේෂ අවධානය යොමු කිරීම වැදගත් ය.
  6. ඉගෙනුම් ලබන්නන්ගේ දැනුම හා කුසලතා වඩාත් තාත්ත්වික ව, ශිෂ්‍ය මිත‍්‍රශීලී ව හා අත්‍යවශ්‍ය ඉගෙනුම් පාදක වන අයුරින් තක්සේරුකරණ හා ඇගයීම් ක‍්‍රමවේදයක් ක්‍රියාවේ යෙදවීම.

පාසල් නැවත ආරම්භ කිරීමට ප‍්‍රතිචාරයක් වශයෙන් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන අමාත්‍යංශ එක් ව අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් 1-11 දක්වා ශ්‍රේණි සඳහා සංස්කරණය කර ඇත.  සෑම සිසුවෙකුට ම ඊළඟ ශ්‍රේණියට සාර්ථක ලෙස යෑම සඳහා මෙම අත්‍යවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් අනිවාර්ය ලෙස සැලකේ.  ඊට අමතර ව, ඒ ඒ ශ්‍රේණිවලින් ලබා ගත යුතු අත්‍යවශ්‍ය නොවන ඉගෙනුම් අන්තර්ගතය සාමාන්‍ය විෂයමාලාව යටතේ හඳුනා ගත හැකි වේ.

ඉහත සඳහන් අංක 5ට අදාළ අහිමි වූ ඉගෙනුම් යාවත්කාලීන කර ගැනීම සඳහා පාසල් විසින් පහත සඳහන් ඉලක්ක සපුරා ගැනීමට කටයුතු කළ යුතු වේ.

(අ)     අහිමි වූ අධ්‍යාපනය නැවැත ලබා ගැනීමේ යෝජිත වැඩසටහන ක‍්‍රියාවට නැංවීම තුළින් අදාළ අත්‍යවශ්‍ය ඉගෙනුම් මට්ටම් ළඟා කර ගැනීම.

(ආ)    පසුගිය වර්ෂ 1 1/2 තුළ එක්රැස් වු අහිමි වූ ඉගෙනුම නැවත දරුවන්ට ලබා දීමේ දී විශේෂයෙන් ඒ ඒ ශ්‍රේණියේ දී ළඟා කර ගෙන තිබිය යුතු ගණිතය, කියවීම හා ලිවීමේ හැකියාව මැන බැලීම හා එසේ නොමැති සිසුන්ගේ දැනුම හා කුසලතා යාවත්කාලීන කිරීමට පියවර ගැනීම.

එක් එක් ශ්‍රේණියට අදාළ ව සිසුන් විසින් ග‍්‍රහණය කළ යුතු විෂය නිර්දේශ අන්තර්ගතය සාර්ථක ව ලබා ගැනීම පහසු කරවීම සඳහා සාක්ෂරතා සහ සංඛ්‍යාමය කුසලතාවන්ගේ නිපුණත්වය ලබා දීම මෙයින් අදහස් වේ.

මේ පිළිබඳ පැහැදිලි කිරීම් අවශ්‍ය නම් පහත අංක අමතන්න.

එච්. යූ. ප්‍රේමතිලක මහතා                                    ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න

අතිරේක ලේකම්                                                       අධ්‍යක්ෂ ජනරාල්

අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන                                ජාතික අධ්‍යාපන ආයතනය

අධ්‍යාපන අමාත්‍යංශය                                              මහරගම

දුරකථන :  0718076888                                                 දුරකථන : 0773823261

රංජිත් පත්මසිරි මහතා                                          ආචාර්ය දර්ශන සමරවීර

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්                                     නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

විද්‍යා හා තාක්ෂණ පීඨය                                           භාෂා, මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨය

ජාතික අධ්‍යාපන ආයතනය                                                  ජාතික අධ්‍යාපන ආයතනය

දුරකථන : 0714497131                                                  දුරකථන : 0773131987

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP