අච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත (උපත 1955 ජනවාරි 10) යනු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
අධ්‍යාපනය
ප්‍රේමජයන්ත මහතා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබාගත්තේය. පසුව, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී 1982 දී නීතිවේදී උපාධියක් ලබා 1984 දී නීතිඥයෙකු බවට පත් විය. 2004 දී, ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගත්තේය.
දේශපාලන වෘත්තිය
ප්‍රේමජයන්ත මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1991 දී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උප සභාපති ලෙස තේරී පත්වීමෙනි. 1993 දී බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ ඔහු 1995 දී එම පළාතේ මහ ඇමති ලෙස තේරී පත් විය.
වර්ෂ 2000 දී ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වී අධ්‍යාපන අමාත්‍ය ධුරයට හෙබවිය. 2001 මහ මැතිවරණයෙන් ජනතා සන්ධානය පරාජයට පත් වුවද, ප්‍රේමජයන්ත මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර පසුව පැවති මැතිවරණවලදී ඔහුගේ ආසනය ආරක්ෂා කරගත්තේය.
එම්.එන්.රණසිංහ මහතා රාජ්‍ය පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන අතර වසර 27කට අධික කාලයක් තිස්සේ රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා ඇත. ඔහුට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ උපාධියක් සහ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමිය.
1991 වසරේදී ඔහුගේ ප්‍රථම පත්වීම කුරුණෑගල සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් ලද අතර පසුව සහකාර දිස්ත්‍රික් ලේකම්, වයඹ පළාත් සහකාර ලේකම් හා පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ වැනි විවිධ තනතුරු දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හොබවා ඇත.
අනතුරුව ඔහු ආගමන විගමන සහකාර පාලකවරයා වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වීමට පෙර ඔහු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් ධූරය හෙබවීය.
තම දිගු සේවා කාලය තුළ විවිධ වැඩමුළු, සම්මන්ත්‍රණ සහ ආගමන කළමනාකරණ පද්ධති සංවර්ධන වැඩසටහන් සඳහා ඔහු සහභාගී වී ඇත.
ආචාර්ය එම්. එම්. වේහැල්ල මහත්මිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරිණියක වේ. ඇය නියෝජ්‍ය විදුහල්පතිවරියක, සහකාර අධ්‍යාපන අධ්යක්ෂකවරියක, ජාතික අධ්‍යාපන කොමිසන් සභාවේ ලේකම් ලෙස හා අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස 1988 වසරේ සිට සේවය කර ඇති අතර වර්තමානයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යසාධන සමාලෝචන) වශයෙන් සේවය කරයි.
කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ වසර 32කට අධික අත්දැකීම් ඇයට ඇති අතර බස්නාහිර හා සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, රජයේ පාසල් හා අධ්‍යාපන අමාත්‍යංශය යන ආයතනයන්හි විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.
එච්. යු. ප්‍රේමතිලක මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකුවන අතර නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු හා විදුහල්පතිවරයෙකු ලෙස 1988 වසරේ සිට සේවය කර ඇති අතර වර්තමානයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) වශයෙන් සේවය කරයි.
කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ වසර 32කට අධික අත්දැකීම් ඔහුට ඇති අතර මාතලේ විජය විද්‍යාලය, වලාල, මැණික්හින්න ඒ. රත්නායක විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය හා අධ්‍යාපන අමාත්‍යංශය යන ආයතනයන්හි විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.
ඩබ්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වේ. ඔහු සහකාර කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, කොමසාරිස්වරයෙකු සහ විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු වශයෙන් 1988 සිට සේවය කර ඇති අතර වර්තමානයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) වශයෙන් සේවය කරයි.
කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධ වසර 32කට වඩා අත්දැකීම් ඔහු සතුවන අතර අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තුළ විවිධ තනතුරු දරමින් සේවය කර ඇත.
ජී. එම්. නීල් ගුණදාස මහතා 1988 දී ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට (SLEAS) සම්බන්ධ විය. නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, ඌව සහ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ආදී වශයෙන් විවිධ තනතුරු දරා ඇත.
2006 සිට වර්තමානය දක්වා ඔහු අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) සහ අධ්‍යාපන අධ්‍යක්ෂ (දත්ත කළමනාකරණ) යන අංශයන්හි සේවය කර ඇති අතර එහිදී සිය වෘත්තිය තුළ සන්ධිස්ථාන රාශියක් අත්කර ගත්තේය. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වූ ඊ-තක්සාලාව නම් වූ ජාතික ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ඔහුගේ නිර්මාණයන්ගෙන් එකකි.
අධ්‍යාපන පද්ධතිය පිළිබඳ දත්ත හා තොරතුරු සකස් කිරීම සම්බන්ධයෙන් වූ ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) ක්‍රියාත්මක කිරීම ඔහුගේ වගකීම්වලින් එකකි. මෙම ක්‍රමය යටතේ ඔහු විසින් ගුරු මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය ස්ථාපිත කරන ලද අතර 2020 අවසන් වන විට සම්පූර්ණ කිරීමට නියමිත සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ දත්ත පද්ධතියක් නිර්මාණය කෙරෙන ජාතික ශිෂ්‍ය තොරතුරු පද්ධතිය ද මෙහෙයවනු ලැබීය.
ගුණදාස මහතා හට කැලණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියක්ද හිමිය.
අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම්
සේවා විස්තර
නියෝජ්‍ය විදුහල්පති - මහ/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, මහ නුවර
විදුහල්පති-
විදුහල්පති පුහුණුකරු - ලෝක බැංකු ව්‍යාපෘතිය
පුහුණු සම්බන්ධීකාරක -GTZ ව්‍යාපෘතිය
පී. කේ. එස්. සුභෝදිනි මහත්මිය යනු කළමනාකරණය හා පරිපාලනය යන ක්ෂේත්‍රයන්හි වසර 20කට අධික අත්දැකීම් සහිත ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක ලෙස ඇය තම සේවය අරඹා ඇත. එතැන් පටන්, තැපැල් හා විදුලි සංදේශන අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශය, මහවැලි අධිකාරිය, සමාජ සේවා අමාත්‍යංශය, අමාත්‍යමණ්ඩල කාර්යාලය, මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන යන ක්ෂේත්‍රයන්හි විවිධ තනතුරු දරා ඇත. ශ්‍රී ලංකා පරිපාලන සේවයට සම්බන්ධ වීමට පෙර ඇය ජාතික අධ්‍යාපන ආයතනයෙහි වසර තුනක කාලයක් සේවය කර ඇත.
පී. කේ. එස්. සුභෝදිනි මහත්මිය රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී උපාධි ධාරිනියකි. එමෙන්ම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් කෘෂිකර්මය පිළිබඳ විද්‍යාපති උපාධියක් ද කොළඹ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ආර්ථික විද්‍යාව හා කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිය.
ඇය සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ පුහුණුවෙන් පසු ගණිත ගුරුවරියක ලෙස වසර 05 ක් සේවය කර ඇත.
2000 වසරේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වීමෙන් පසුව පහත ආයතනවල සේවයේ යෙදී ඇත.
සහකාර පාලක (සැපයුම්) - ආහාර දෙපාර්තමේන්තුව
සහකාර ලේකම් (විනය) - රාජ්‍ය සේවා කොමිෂන් සභාව
නියෝජ්‍ය පාලක - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ (පරිපාලන) - වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ආරක්ෂක) - ආරක්ෂක අමාත්‍යාංශය
අධ්‍යක්ෂ (ආයතන හා විනය) - ජාතික පොලිස් කොමිෂන් සභාව
අතිරේක ලේකම් (පාලන) - ඉඩම් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
අතිරේක ලේකම් (ව්‍යාපෘති) - ඉඩම් අමාත්‍යාංශය
ඒ. එම්. පි. එම්. බි. අතපත්තු මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ නිලධාරියෙකු වේ. ඔහු සහකාර අධ්‍යක්ෂවරයෙකු, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වශයෙන් 1994 සිට සේවය කර ඇති අතර වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් - සැලසුම් වශයෙන් කටයුතු කරයි.
සැලසුම් හා කළමනාකරණ ක්ෂේත්රයේ වසර විසි පහක අත්දැකීම් ඔහු සතුවන අතර ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව, මුල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යංශය තුළ විවිධ තනතුරු දරා ඇත.
ඒ. එම්. පි. එම්. බි. අතපත්තු මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන අතර රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධිධරයෙකු ද වේ. එමන්ම, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ජපානයේ සංවර්ධන ආර්ථික විද්‍යා ආයතනයෙන් සංවර්ධන ආර්ථිකය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර් විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් (e-Government), පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගිණුම් හා මුදල් පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, ගිණුම්කරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක්, පුද්ගලික මූල්‍ය කළමනාකරණ ඩිප්ලෝමාවක්, තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක්, CompTia A+, වරලත් ගණකාධිකරණ (අවසාන) හා ගිණුම්කරණ ශිල්පීන්ගේ සංගමයේ පුර්ණ සාමාජිකත්වය ඔහු සතුය.
රාජ්‍ය මුල්‍ය කළමනාකරණය, ප්‍රසම්පාදන කළමනාකරණය, ව්‍යාපෘති මුල්‍යකරණය, e-Government සේවාවන් පිළිබඳ උනන්දුවක් දක්වන අතර එක්සත් රාජධානිය, මැලේසියාව, තායිලන්තය හා ඉන්දියාව යන රටවල අත්දැකීම් ද සතුය.