ආර්.බී ගන්කෙවල මිය

අතිරේක ලේකම්, අනධ්‍යයන හා ඒකාබද්ධ සේවා

ආර්.බී. ගන්කේවල මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අනධ්‍යයන හා ඒකාබද්ධ සේවා) වශයෙන් කටයුතු කරයි. පරිපාලන හා සංවර්ධන ක්ෂේත්‍රයන්හි  වසර 20 ක සේවා කාලයක් සහිත ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි. ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය ආරම්භ කළ අතර පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක් ලෙස ද කටයුතු කර ඇත. 1 පන්තියේ නිලධාරිනියක් ලෙස ඇය මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා රේගුවේ සේවය කළ අතර විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස ඖෂධ නිෂ්පාදන, සැපයිම් හා  නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ සහ සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ සේවය කර ඇත.

ගංකේවල මහත්මිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හිමි විද්‍යාවේදී උපාධිධාරිනියක් වන අතර ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් අතර ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයෙයේ  රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරිනියකි.

TOP