තොරතුරු තාක්ෂණය හා ඩිජිටල් අධ්‍යාපනය

ආචාර්ය කිත්සිරි ප්‍රසන්ජිත් මූණගම

අතිරේක ලේකම්, තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අධ්‍යාපන

දැක්ම හා මෙහෙවර

දැක්ම

අධ්‍යාපනය තුළින් අංකිත සමානාත්මතාව ඇති කිරීම

මෙහෙවර

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය මගින් දැනුම පදනම් කරගත් සමාජයක් කරා

ශාඛාවේ කාර්යයන්

තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස්කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම අධ්‍යාපන පද්ධතිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් බඳවා ගැනීම

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයට අදාළ විෂය නිර්දේශ සකස්කිරීම, ගුරු පුහුණු කටයුතු, පෙළපොත් සම්පාදනය සහ විෂය සංවර්ධනයට සම්බන්ධ සියලු ම කටයුතු සම්බන්ධීකරණය

පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම

පාසල් පද්ධතිය තුළ ඉ-ඉගෙනුම් හඳුන්වාදීම හා සංවර්ධනය - මේ සඳහා විෂයානුබද්ධ මෘදුකාංග නිර්මාණය හා ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම

පාසල්වල අනවසර මෘදුකාංග භාවිතය නැවැත්වීම සහ විවෘත හා නිදහස් මෘදුකාංගය භාවිතය දිරිගැන්වීම

පාසල් පරිගණක දෘඪාංග හා ජාලගත පුහුණු සංචිතය මගින් ඒ ඒ පාසල්වල ස්ථාපිත කර ඇති පාසල් දෘඩාංග හා ජාලගත කණ්ඩායම් නියාමනය හා බලාත්මක කිරීම

පාසල් හැර යන්නන් රැකියා වෙළෙඳ පොළ සඳහා සූදානම් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුන්වාදීමට ව්‍යාපෘති සැකසීම

අධ්‍යාපන අමාත්‍යාංශය නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk නිර්මාණය කර යාවත්කාලීන කර පවත්වා ගෙන යාම

අධ්‍යාපන අමාත්‍යාංශය තුළ නිල විද්‍යුත් තැපැල් පහසුකම් ලබාදීම සම්බන්ධීකරණය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තොරතුරු සන්නිවේදන තාක්ෂණ පාඨමාලා හදාරන අභ්‍යාසලාභී ගුරුවරුන් දැනුමෙන් සන්නද්ධ කිරීම

විෂයය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් හා මානව සම්පත් සම්පාදනය හා සංවර්ධනය

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය ක්‍රියාත්මක කිරීම

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය පාසල් මට්ටමින් අධීක්ෂණය හා නියාමනය

එක් දරුවකුට එක් පරිගණකයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය හා නියාමනය

තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පෞද්ගලික අංශයේ සහය ඇතිව තොරතුරු තාක්ෂණ බාහිරකරණය දැනුවත් කිරීමේ පාඨමාලා පැවැත්වීම සහ ශිෂ්‍යයන්ට එම වැඩසටහන් සඳහා සහභාගීවීම දිරිගැන්වීම

ගුරු භවතුන් අන්තර්ගත වන සේ ස්ථාපිත කර ඇති පාසල් පරිගණක දෘඪාංග හා ජාලගත පුහුණු සංචිතය මගින් පාසල් පරිගණක විද්‍යාගාරවල පරිගණක හා උපාංග නඩත්තුව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල වෙත සහය දීම

අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි පලකිරීම සඳහා තොරතුරු රැස්කිරීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

අධ්‍යාපන පද්ධතිය තුළ ආර්ථික කාර්යක්ෂමතාව හා සමානාත්මතාව ඇති කිරීම

මෙහෙවර

අධ්‍යාපන සැලසුම්කරුවන්, පර්යේෂකයන් සහ පරිපාලකයන්ට අවශ්‍ය සමානතාව හා කාර්යක්ෂමතාවෙන් යුත් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා අවශ්‍ය අධ්‍යාපන තොරතුරු සැපයීම

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන දත්ත හා තොරතුරු එකතු කිරීම

අධ්‍යාපන දත්ත පාදක පවත්වාගෙන යාම

අධ්‍යාපන දර්ශක සැකසීම

අධ්‍යාපනයේ ප්‍රවණතා හඳුනා ගැනීම

පරිශීලකයන්ට අධ්‍යාපන දත්ත හා තොරතුරු සැපයීම

පාසල් සිතියම්ගත කිරීම

යුනෙස්කෝ (UNESCO) සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දත්ත සැපයීමේ කේන්ද්‍රීය ස්ථානය

TOP