logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් වගකීම් ඉටු කරමු ” – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වසර එකහමාරකට පසු ජාතික පාසල් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ඇමති අතර පැවති හමුවේ දී …
බ්‍රහස්පතින්දා, 11 ජූනි 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

“ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් වගකීම් ඉටු කරමු ” – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වසර එකහමාරකට පසු ජාතික පාසල් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන ඇමති අතර පැවති හමුවේ දී …

තමා අධ්‍යාපන අමාත්‍ය ධුරයට පත්ව තවමත් ගතව ඇත්තේ දින 46ක් වැනි කෙටි කාලයක් පමණක් බවත්, මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවුරුදු දශකයටත් වැඩි කාලයක් තිස්සේ විසඳී නොමැති ගැටළු රැසක් පවතින බව මේ කෙටි කාලය තුළ තමාට හඳුනාගන්නට හැකි වු බවත්, ඉදිරියේ දී සියලු පාර්හවයන්හි සහයෝගයෙන් එම ගැටළුවලට ස්ථාවර විසඳුම් සෙවීම තම අපේක්ෂාව බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

දිවයින පුරා ජාතික පාසල් 374ක විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතර විශේෂ හමුවක් ඊයේ (07) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර අමාත්‍යවරයා එහි දී මේ අදහස් පළ කළේය. මෙරට ජාතික පාසල් සඳහා සෘජු වගකීම දරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය වුවත්, අදාළ විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර මේ ආකාරයේ හමුවක් පවත්වා ඇත්තේ වසර එකහමාරකට පසුවයි.

ජාතික පාසල්වල ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, ඒ සඳහා ප්‍රමාණවත් පුහුණු ගුරුවරුන් ලබාදීම, පන්ති කාමර පහසුකම් වඩාත් පුළුල් කිරීම, පාසල් පිරියත සංවර්ධනය, භෞතික හා යටිතල පහසුකම් නගාසිටුවීම, විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය ඉලක්ක කරගනිමින් නායකත්ව හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරියේ දී ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ සම්බන්ධ ව මෙහි දී අමාත්‍යවරයා සහ ජාතික පාසල් විදුහල්පතිවරුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

අධ්‍යාපනය හරහා මෙරට සංවර්ධනයේ නව දිශානතියකට යොමු කරවීම වෙනුවෙන් පාසල් ප්‍රජාව මෙහෙයවිය යුතු ආකාරයත් ඊට ජාතික මට්ටමෙන් මැදිහත්වීම ලබාදිය හැකි ආකාරය ද මෙහි දී අමාත්‍යවරයා සාකච්ඡා කළේය. රටේ අධ්‍යාපනය ගුණාත්මක ව ඉහළ නැංවිය හැක්කේ ඊට සම්බන්ධ ව සිටින සෑම පාර්ශවයක් ම තම තමන්ගේ වගකීම් නිසියාකාර ව හඳුනාගැනීමෙන් සහ ඒ අනුව ක්‍රියාත්මක වීමෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

විශේෂයෙන් ම පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය බොහෝ සංකීර්ණ වී ඇත්තේ ද අදාළ වගකීම සහ ක්‍රියාත්මකවීමේ බලය විදුහල්පතිවරයාට නිසියාකාර ව පැවරී නොතිබීම නිසා බව ද බලය විමධ්‍යගත කිරීමෙන් ගැටළු මතුවීම අවම වන බව තමන් විශ්වාස කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළේය.

පාසල් සිසුන් මත් උවදුරෙන් වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් ද බස්නාහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති දේශමාන්‍ය ටී එම් ඩබ්ලිව් තෙන්නකෝන් මහතා විසින් මෙහි දී පවත්වන ලදී.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP