logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලියට අයදුම්පත් කැඳවීම 2020 ජුනි 30 දක්වා දීර්ඝ කෙරේ.
සඳුදා, 06 ජූලි 2020 / Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලියට අයදුම්පත් කැඳවීම 2020 ජුනි 30 දක්වා දීර්ඝ කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය ජුලි 31 වන තෙක් දීර්ඝ කර ඇත.

මෙම තරගාවලිය ප්‍රධාන අංශ 03කින් ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින්ද, ගුරුවරුන් සදහා වන ‘නිර්මාණාත්මක ගුරුවරු’  තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද, තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් ද ක්‍රියාවට නංවයි.

 පාසල් මෘදුකාංග තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ 6-11 ශ්‍රේණි සිසුන්ට ද, දෙවැනි කාණ්ඩය යටතේ 12-13 ශ්‍රේණි සිසුන්ට ද අයදුම් කළ හැකි අතර, මෙය මාර්ගගත ලෙස (ONLINE) පැවැත්වෙන තරගයකි. මෙහි දී  පරිගණක වැඩසටහන් ගොඩනැංවීමට තරගකරුවන්ට සිදුවන අතර, තරග ඇගයීම් කටයුතු ද මාර්ගගත ක්‍රමයට සිදුකෙරේ.

ගුරුවරුන් සඳහා වන ‘නිර්මාණාත්මක ගුරුවරු’ තරගය සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ස්ථිර සේවයේ යෙදෙන ගුරුභවතුන්ට මෙන් ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සිටින ගුරු සිසුන්ට ද අයදුම් කළ හැකිය.

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර, මෙම තරගාවලියෙහි ජයග්‍රාහකයන් වෙත පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි සඳහා ශිෂ්‍යාධාර, මැලේසියාවේ පවත්වන ජාත්‍යන්තර APICTA තරගාවලියට හා සම්මන්ත්‍රණයට සහභාගී වීමට අවස්ථාව, INFOTEL ASIA – 2020 ප්‍රදර්ශනයේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව, දේශීය ජනමාධ්‍ය ඔස්සේ සහ ජාත්‍යන්තර වශයෙන් නිර්මාණ එළිදැක්වීමේ අවස්ථාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය, දැනුම හා දායකත්වය ලබාගැනීමේ අවස්ථාව හිමි වෙයි. මෙම තරගාවලියට අයදුම් කිරීම සඳහා වැඩිදුර විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk දරන නිල වෙබ් අඩවියෙන් හෝ 0112785821 දුරකථන මාර්ගය ඔස්සේ ද ලබාගත හැකිය. ‍තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙම වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට (online) හෝ අධ්‍යාපන අධ්‍යක්ෂ, තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට තැපැල් මගින් අයදුම් කළ හැකිය. 

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP