logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ‘කුමන හේතුවක් නිසාවත් ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් රජයේ ආයතනවල සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නැහැ’… අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
සඳුදා, 11 මැයි 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

‘කුමන හේතුවක් නිසාවත් ඉදිරියේ දී භික්ෂූන් වහන්සේලා පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් රජයේ ආයතනවල සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත කරන්නේ නැහැ’… අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය වරින් වර විවිධ රජයන් විසින් අඩු වැඩි වශයෙන් ක්‍රියාවට නංවන ලද්දක් වන අතර, එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය විවිධ රාජ්‍ය ආයතන වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කිරීම තුළ බරපතළ ගැටලුවක් මතුවී තිබුණි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සහ අගරදගුරුතුමන්ලා විසින් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් දැනුවත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය කිසිම පූජකවරයෙකු හෝ කන්‍යා සොයුරියක් කිසිම රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථානගත නොකිරීමට තීරණය කොට ඇත. මෙහි ප්‍රථම පියවර සලකුණු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවයෙහි යෙදී සිටි භික්ෂූන් වහන්සේලා විසි තුන් දෙනෙකුට අද (27) අධ්‍යාපන අමාත්‍යතුමන් ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන  අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගුරු පත්වීම් ප්‍රදානය කරනු ලැබිණි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, “මෙය පාසල් පද්ධතිය හා රටේ අධ්‍යාපනය අභියෝගයකට ලක් වූ අවස්ථාවක්. රට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් විතරක් නෙමෙයි. දරුවන් තාවකාලිකව නිවාස අඩස්සියේ සිටින මොහොතක, විභාග ගැන අධ්‍යාපනය ගැන තාවකාලිකව අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න වෙලාවක ඔබ වහන්සේලාට,  පූජක තුමන්ලාට, කන්‍යා සොයුරියන්ට, මේ සඳහා මැදිහත් වන්න කියලා මම ආරාධනා කරනවා…” යැයිද පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය උපාලි සේදර සහ හේමන්ත ප්‍රේමතිලක,  අනුෂා ගෝකුල, ආර්. එම්.  රත්නායක යන අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    දැනුවත් කිරීමේ ලිපිය මෙතැනින් බාගත කරගන්න...
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට අදාල සන්ධාන භාෂා (ඉංග්‍රීසි) විභාගය 2021 (2022)

    අදාල ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022. 07. 22...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...
  • 2022.08. 08 – 2022.08.12 සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාම.

    2022.08.08 සිට පාසල් පැවත්වීම සම්බන්ධයෙන් 2022....
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා (ඉංග්‍රීසි ) විහාගය 2021(2022)

    අදාළ ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022.07.22 ද...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP