logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් වෙනුවෙන් පිරිවෙන් අංශය, දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කිරීමට අධ්‍යාපන ඇමතිගෙන් යෝජනාවක්…
සඳුදා, 02 මාර්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් වෙනුවෙන් පිරිවෙන් අංශය, දෙපාර්තමේන්තුවක් ලෙස ස්ථාපිත කිරීමට අධ්‍යාපන ඇමතිගෙන් යෝජනාවක්…

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පිරිවෙන් අධ්‍යාපනයට සුවිශේෂ තැනක් හිමිවන බවත්, එය හුදෙක් අංශයකට සීමා නොවිය යුතු බවත්, පිරිවෙන් සඳහා රටේ අවධානය ආණ්ඩුවෙන් ආණ්ඩුවට, ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වීම නතර කළ යුතු බවත්, පිරිවෙන්වල අවිච්ඡින්න පැවැත්ම තහවුරු වන අයුරින්, එහි තනතුරුවල නිශ්චිත බවක් ඇතිවන අයුරින්, ශක්තිමත් පරිපාලන ව්‍යූහයක් ඇතිකළ යුතු බවත්, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ සඳහා ඉදිරියේ දී පිරිවෙන් දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙස පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයට තමා  යෝජනා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (01) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති පිරිවෙන්  සඳහා නවක පරිවේණාචාර්ය පත්වීම් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකිව තිබූ මෙම පරිවේණාචාර්ය පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානයට ලක් වූ අතර, ඒ අනුව, මීට අදාළ ව අතිගරු ජනාධිපතිතුමන්ගේත්, අගමැතිතුමන්ගේත් උපදෙස් හා මඟපෙන්වීම ලබාගනිමින් ඉතා කෙටි කාලයක් ඇතුළත මෙම පත්වීම් ලබාදීමට පියවර ගෙන තිබේ.​

මෙරට මෙන් ම ජාත්‍යන්තරය තුළ සිටින සිංහල නොවන බෞද්ධයන් වෙනුවෙන් මෙරට පිරිවෙන් අධ්‍යාපනයට පැවරෙන කාර්යභාරයක් පවතින බව ද, එමෙන් ම නූතන තාක්ෂණයෙන් සන්නද්ධව සිටින ලෝක ප්‍රජාවට බුදුදහමේ අසිරිමත් පණිවුඩය සම්ප්‍රේෂණය කිරීමේ වගකීම ද පිරිවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට  පැවරෙන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

ගිහි සහ පැවිදි දෙපාර්ශවයම නියෝජනය කරමින් පරිවේණාචාර්යවරුන් 305 දෙනෙක් මෙහි දී නව පත්වීම් ලබාගත්හ.  කොළඹ, මාළිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිපති, දකුණු, බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක හා පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල සාමාජික ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත හිමියන්, පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර, අධ්‍යාපන සේවා අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP