logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට.
බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට.

මෙවර පැවැත්වූ  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව, සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු  අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලැබේ.

 අද සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත. මොබිටෙල් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් රුපියල් මිලියන 7.5 මූල්‍ය පිරිවැයක් දරමින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම සේවා පහසුකම නොමිළයේ ලබා දී තිබේ.

අඩු ආදායම්ලාභී සිසු දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සඳහා ශිෂ්‍යාධාර ලබාදීමත්, දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා ඇති සියලු සිසුන්ට පහසුකම් සහිත පාසලකට පිවිසීමට අවස්ථාව ලබාදීමත් අරමුණු කරගෙන 1952 වසරේ සිට 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පවත්වනු ලබයි.  රට තුළ මතු වූ කොවිඩ් අභියෝග හමුවේ වුව ද මෙවර  සාර්ථක ව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට හැකි වූ අතර, විභාගයට පෙනී සිටි සිසුන් 326,264ක් අතරින් සිසුන් 47,193 දෙනෙකු කඩඉම් ලකුණු ඉක්මවමින් නව පාසලක් සඳහා අයදුම්කිරීමේ සුදුසුකම් ලැබූහ.

 පසුගිය වර්ෂයන්හි දී වැඩි කාලයක් සහ වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින්, පාසල, කලාප අධ්‍යාපන කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යන පාර්ශව සියල්ලෙහි ම නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදුකළ මෙම ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන්, නිරවද්‍යව හා කාර්යක්ෂම ව සිදුකරන්නට මෙම මාර්ගගත වැඩපිළිවෙළ සහාය වනු ඇත. මෙම වැඩපිළිවෙළ මාර්ගගත ක්‍රමයට ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය සමඟ වසර 3ක් දක්වා සිය සේවාවන් අඛණ්ඩව ලබාදීමට මොබිටෙල් ආයතනය එකඟ ව සිටින අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමක් හුවමාරු කරගැනීම ද අද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන හා පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ. එම් එස්. ඩී. කේ. ජයසේකර,  අධ්‍යාපන අතිරේක ලේකම් (පාසල් කටයුතු) එල් එම් ඩී ධර්මසේන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද, මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද එක් ව සිටියහ.

“05 ශ්‍රේණි ශිෂ්‍යත්ව මාර්ගගත වැඩසටහන මේ වන විට දියත් කර අවසන්ව ඇති අතර 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලද සිසුන්ගේ අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා මේ වන විට විදුහලපතිවරුන්ට අවස්ථාව ලබා දී ඇත.මේ සඳහා ලබා දී ඇති කාල සීමාව 2020.12.24 දිනෙන් අවසන් වන අතර එදින සිට 2020.12.31 දක්වා ඉල්ලුම් කරන ලද පාසල් සංශෝධනය කිරීමට පමණක් අවස්ථාව සැලසෙනු ඇත.”

මෙම සබැඳිය මඟින් අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා පිවිසිය හැකි ය. https://g6application.moe.gov.lk/#/

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...
  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP